ශ්රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ‍්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි එරට ටයිම්ස් නව් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.
ශ‍්‍රී ලංකාව පමණක් නොව අග්නිදිග ආසියාවේ සියළු රටවල් සමඟ සිය ආරක්ෂක සබඳතා ඉහළ නැංවීම ඉන්දියාවේ අරමුණ බවද එම ප‍්‍රවෘත්ති සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ‍්‍රී ලංකාව වෙත ලබාදීමට අදහස් කරන ඩෝනියර් නිරීක්ෂණ යානය ජර්මනියේ බලපත‍්‍ර අයිතිය සහිතව ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලැබූවක් වන අතරම එමඟින් සමුද්‍ර සහ වෙරළාරක්ෂක නිරීක්ෂණ කටයුතු කාර්යක්ෂම කළ හැකි වන බව ඉන්දියාව සඳහන් කර සිටී.
කලාපීය ආරක්ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණෙන් ඉන්දියාව මිත‍්‍ර ශක්ති නමින් ඒකාබද්ධ නාවුක අභ්‍යාසයක් ද පසුගියදා පවත්වනු ලැබූ අතර ඊට අමතරව මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට බුද්ධගයාව සහ ලූම්බිණියේ සංචාරය කිරීම සඳහා ද ඉන්දියාව ඇරයුම් කර තිබිණි.
චීනයේ බලපෑම ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සමඟ ඉහළ පෙලේ ආරක්ෂක සාකච්ඡා පැවැත්වීම ඉහළ නංවා ඇති අතර, බංග්ලාදේශය සමඟද නුදුරේදීම එවැනි සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
125
COMMENTS
දැන් අපේ අයට ඩොනියර් එකෙන් ගිහිල්ලා බෝම්බ දාන්න පුළුවනි.
ඉන්දියාවේ හදපු එකක් නිසා පාවිච්චිය ප්‍රවේශමෙන් කලොත් තමයි නුවනට හුරු.
ඕකත් ඉතින් ලොකු ලොක්කො භාවිතා කරයි එයාලගේ ගමන් වලට. දඹදිව යන්න හම්බෙන්නෙ ඉතින් ඔක්කොම ලොක්කොන්ගේ පවුල් වල අයටම තමා. අහින්සක මිනිස්සු අරන් යන්නෙ නැනේ
ඒ කියන්නේ දැන් ඉන්දියාවට පුළුවන් ලංකාවේ හැම ඕපාදුපයක්ම ඉන්දියාවේ ඉඳලම බලන්න.
ඊට පස්සේ නීති දමන්න එයි ඉන්දියාවෙන් හැර වෙන රටවලින් ආරක්ෂක යානා ගන්න බැහැ කියල.
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත, පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත.. ඉන්දියාවේ ඇස් මෙහෙ ප්‍රවේසමෙන්
ඔය ලැබෙන ඩෝනියර් ඉන්දියානු ගුවන් යානය පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ පුද්ගලික ගමන් බිමන් සඳහා වෙන් කරන ලෙස ඉල්ලා සිටිමි.