IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයාට දරුවන් අහිමිවෙයි

විනීතා එම් ගමගේ

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුම ෂැංග‍්‍රිලා හෝටලයේ සිදුවූ ප‍්‍රහාරයෙන් මියගොස් අනෙක් දියණිය අතුරුදන්ව තිබේ. 

බි‍්‍රතාන්‍යයේ ඉඩම් වැඩිම ප‍්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන්නේ ද ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාය. වංශාධිපතියෙකු වන හෙතෙම ඩෙන්මාර්කයේ ප‍්‍රසිද්ධ වෙළඳ සමාගමක් වන ඒ.එස්. ඕ.එස්. සමාගමේ වැඩිම කොටස් ප‍්‍රමාණයක හිමිකරු වේ.  එය නිමි ඇඳුම් සමාගමකි. සමාගම 1975 දී ආරම්භ කරන ලද්දක් වන අතර ලෝකයේ රටවල් 70 ක පිහිටි ප‍්‍රදර්ශනාගාර 3000 ක් පමණ මෙම සමාගමට අයත් වෙයි. ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාට මෙම සමාගමේ කොටස් උරුම වී ඇත්තේ සිය මාපියන්ගෙනි.

ඔහු  මීට දින කිහිපයකට පෙර සංචාරයක් සඳහා මෙරටට  පැමිණ ෂැංග‍්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් එහි නිවාඩුව ගත කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සමාජ වෙබ් අඩවියකට මුදා හැර තිබිණි. එහි සිදුවූ පිපිරීමෙන් ඔහුගේ දරුවන් තිදෙනෙක් මිය ගොස් ඇති අතර අනෙක් දියණිය අතුරුදන්ව ඇති බව සැලවේ.

සිද්ධිය සැලවීමත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ඩෙන්මාර්කයේ තානාපතිවරයා ද තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.



අදහස් (3)

ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයාට දරුවන් අහිමිවෙයි

wimal Tuesday, 23 April 2019 10:23 AM

යහපාලකයෝ ...මේවගේ වටිනා මිනිස්සුන්ට පිහිට වෙයල්ලා ....ඒ මිනිස්සු පාලකයන් ගේ වැරදි හින්ද අද අසරණ වෙලා ....හරිම සෝචනීයයි??? මොනවටද ඔය ඇමති තනතුරු ????

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 April 2019 10:36 AM

මේ විපත් වලට වගකිවයුතු නායකයෝ දැන්වත් ඉල්ලා අස් වෙන්න.

:       0       0

wimal Tuesday, 23 April 2019 11:04 AM

හරිම සොචනියයි සර්. ඔබගේ පුවත දුටුවම මට මම ගැනම කලකිරීමක් ඇති වුනා ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. මම සාමාන්‍ය කෙනෙක්. අපි කොහොමද ඔබට පිහිට වන්නේ? අන්ද පාලකයෝ ඉන්න රටක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site