IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ ගෙන්වන්න යයි

(විනීතා එම් ගමගේ)
 
ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 
මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් ද, ජෛව පාලනයක් සිදුවන බැවින් ද බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
 
මේ වනවිට ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාවෙන් ඩෙංගු වෛරසය මර්දනය කර ඇති බවත්, එය  ඕස්ටෙ‍්‍රලියාවේ ඉතා සාර්ථක වූ බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
 
වොල්බැකියා බැක්ටීරියාව මෙරට ආගන්තුක එකක් නොවන බව කී ජාසිංහ මහතා එය බොහෝ විට කෘමීන්ගේ ශරීර තුළ ඇතැයි ද මෙම වැඩපිළිවෙළේ දී සිදුකරන්නේ විදේශ රටකින් ගෙන්වන බැක්ටීරියාව ශරීර ගත කර ඇති ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම යැයි ද පැවැසීය.
 
එකී මදුරුවන් පරිසරයට එක්වීම සමග පරිසරයේ දැනට සිටින ඩෙංගු මදුරුවන්ගේ ශරීර තුළට ද වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු වන බවත් මේ නිසා ඩෙංගු වෛරසය විනාශ වන බවත් හෙතෙම කියා සිටියේය. 
 
ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු දෙවැනිදා මුදා හැරීමට නියමිත බවත් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.
 
එම බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පවතින කොරෝනා වයිරසයේ අවදානම මතුවීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.
 
ගෙවී ගිය ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,607 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
 
කෙසේ වෙතත් ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන බැවින් මෙම ව්‍යාපෘතියේ නියාමන කටයුත්ත කොළඹින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 



අදහස් (12)

ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ ගෙන්වන්න යයි

ranjith Sunday, 09 February 2020 10:11 AM

ඩෙංගු තවම පාලනය කරගන්න බැරි වුණා නේද?

:       1       111

janahitha Sunday, 09 February 2020 10:16 AM

ඔය කෙහෙල්මල් වසර ගාණක් තිස්සේ කියවනවා. මිනිසුන් මැරුණාට පසුවද නුඹලාගේ මේ වැඩ...? මදුරු කොයිල් කාරයින්ද නුඹලා පාලනය කරන්නේ? විශාල කුමන්ත්‍රණයක් මේ පසුපස තියෙනවා.

:       1       516

janahitha Sunday, 09 February 2020 10:21 AM

වොල්බැකියා අර බැකියා මේ බැකියා කියකියා ඉන්නවා. බකතඩි මිනිසුන් මැරෙනකම් කියවනවා. වැඩක් කෙරෙන්නේ නැහැ. හෙන හතම වදින්න ඕන... කරුමෙට මදුරුවොත් මේ අයව කන්නේ නැහැ නොවැ... කොමිස් පප්පන් ජනතාව නොමරා මරනවා.

:       0       357

Nishada Sunday, 09 February 2020 11:02 AM

ඔය බැක්ටීරියාවේ ජාන විකෘතියක් වෙලා වෙන ලෙඩ හදන්ඩ ගත්තොත් තමයි ප්‍රශ්නය...

:       0       21

කපුරුහාමි Sunday, 09 February 2020 11:25 AM

හැමදාම කයිවාරු ගහපු එක මිසක් හරියට වැඩක් කෙරුව බවක් නම් පේන්න නැහැ....

:       3       174

සරා Sunday, 09 February 2020 12:07 PM

අඬබෙරේ ගහන්නේ නැතිව කළා නම් තමයි හොඳ... දන්නවනේ අපේ රටේ ඉන්නේ විකෘති වෙච්චි අය කියලා. දැන්ම ජාන විද්‍යා උතුමන්ලා උද්ඝෝෂණය පටන්ගෙන...

:       0       202

Abaran Monday, 10 February 2020 02:42 AM

මම නම් ඔය එක එක බැකියාවල් ආනයනය කරනවාට විරුද්ධයි. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නෑ.. ඔය පිටරටවලින් බැක්ටීරියා, වයිරස් ආදිය ගෙන්නන්නේ නැතිව වෙන මොකුත් සරල උපක්‍රම නැද්ද මේවා තොලොංචි කරන්න. නැත්නං කොමිස් කුට්ටි දිහා බලන් ඉන්නවද?

:       1       51

TGL Monday, 10 February 2020 03:08 AM

බී.ටී.ටී. බැක්ටීරියාව ගෙන්නපු කාලෙත් ඔහොම බයිලා අපි ඇහුවා.

:       0       0

Perera Monday, 10 February 2020 03:32 AM

මේ බැක්ටීරියාව මදුරුවන්ට බෝකරලා ඒ මදුරුවන්ව පරිසරයට මුදාහරිනවා කියලනේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න මදුරුවන්ට අමතරව තව මදුරුවන්ව බෝ කරනවා කියන එකනේ...

:       0       0

Perera Monday, 10 February 2020 03:38 AM

"මෙම වැඩපිළිවෙළේදී සිදුකරන්නේ විදේශ රටකින් ගෙන්වන බැක්ටීරියාව ශරීරගත කර ඇති ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම යැයිද පැවැසීය. "ඒ කියන්නේ දැනට ඉන්න මදුරුවන්ට අමතරව තව මදුරුවන්ව රජය මගින් බෝකරලා පරිසරයට මුදාහැරීමක්නේ. මේ වැඩේ කොහෙන් කෙලවර වෙයිද මන්දා...

:       0       2

jayath Monday, 10 February 2020 05:25 AM

මේ ගැන වැඩිය නොදන්නා උදවිය කලබල වෙලා විවිධ කමෙන්ට් දමන එක සාධාරණ වෙන්න පුළුවන්... නමුත් ලෝකේ හුඟක් රටවල මේක සාර්ථකම ක්‍රමයක් මේ ගියමාසේ කරපු පරීක්ෂණයකින් නිර්දේශ වුනේ ඩෙංගු මර්දනයට සාර්ථකම ක්‍රම දෙකයි. 1) මේ බැක්ටීරියාව ( මේක වැඩකරන විදිය හරි දිගයි මෙතන ලියන්න අමාරුයි. ඕන කෙනකුට කියවලා බලතහැකි පර්යේෂණ පත්‍රිකා, තියනවා අන්තර්ජාලයේ) 2) තවමත් 100% සාර්ථකම නැති ඩෙංගු එන්නත (සතුටුදායක පුවතක් අහන්න ලැබුණා ජපානේ "ටකාඩා" සමාගමේ එන්නත සුප්‍රකට " denwaxia " එන්නතට වඩා සාර්ථකයි කියලා) මොනවා වුණත් එක ඇත්තක් තියනවා කවුරුත් හඳුනාගත්තා... මේක, ඔන්න ගෙනාවා, මෙන්න ගෙනාවා කියන බයිලාව (පරණ කෝට් නෙවෙයි..!) නම් දැන් අපි ගොඩක් කලක් තිස්සේ අහනවා මේ පාරවත් බලමු.

:       0       7

ඩෙංගු Monday, 10 February 2020 08:22 AM

ඒකත් ගෙන්නන්නේ පිටරටින්. හෙළ වෙදකම, ආයූර්වේදය, බටහිර වෙදකමේ පරීක්ෂණ කණ්ඩායම්... ඕවා නෑ ලංකාවේ. තියෙන සතේහරි පිටරටට පටවන්න බලන්නේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 9 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site