(රංජන් කස්තුරි)
ඩෙංගු සඳහා එන්නතක් නිපදවීමට ඇමෙරිකාවේ ටකේඩා ෆාමසූටිකල් සමාගම සිදුකරන පර්යේෂණවල තෙවන පියවර සාර්ථක වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.
ඩෙංගු ක්‍රියාකාරීත්වයට එරෙහිව ටෙටුවාලන්ඩ් ප්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ තෙවන අදියරේ මාස 18ක ප්‍රතිඵල සාර්ථක වී ඇතැයි ටකේඩා සමාගම අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කර තිබේ.
මීට ඉහත එම පර්යේෂණවල දෙවන පියවර සාර්ථක වූ බවද ටකේඩා සමාගම ඉකුත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.
ඩෙංගුවලට එරෙහිව එන්නතක් නිපදවීමේ පර්යේෂණ තවදුරටත් ඉදිරියට සිදුකෙරෙන බවද ටකේඩා සමාගම කියයි.
COMMENTS
මෙම පරීක්ෂකයින්ට ජයෙන් ජයම වේවා...!!!
අපි ඇමරිකන් විරෝධියි... හැබැයි ඇමරිකන් ඩෙංගු එන්නතට නම් අපේ ස්ථාවරේ වෙනස් කරනවා...
මම දන්නා තරමට ලෝකේ සමාගම් 21ක් විතර මේ එන්නත නිපදවීමේ යෙදිලා ඉන්නවා.. ප්‍රංශයේ පාස්චර් ආයතනයත් ජපානයේ ටකේද ආයතනයත් ඒ අතර ඉදිරියෙන්...