ට්විටර් සමාජ ජාලය තුළ දේශපාලන දැන්වීම් ප්‍රචාරය කිරීම නවතා දැමීමට තීරණය කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි මහතා පවසයි.
දේශපාලනඥයන්ගේ අරමුණ විය යුත්තේ ජනතා විශ්වාසය දිනා ගැනීම බවත් මුදල් වියදම් කර දැන්වීම් දැමීමෙන් එය ඉටු නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
"අන්තර්ජාලය තුළ ප්‍රචාරණය ඇදහිය නොහැකි තරම් බලවත්. එය වාණිජ දැන්වීම්කරුවන්ට වඩාත් ඵලදායී. එම බලය දේශපාලනයට සැලකිය යුතු අවදානමක් ගෙන එනවා" යැයි ඒ මහතා ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
කෙසේවුවද මෑතකදී ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රධානියා දේශපාලන දැන්වීම් තහනම් කිරීම ප්‍රතික්ෂේප කළේය.
මෙය ඇමරිකානු ජනපති සහ කොන්සර්වේටිව්වරුන් නිහඬ කිරීමට වාමාංශික කොටස් දරන තවත් උත්සාහයක් බව ට්‍රම්ප්ගේ කළමණාකරුවකු වන බ්‍රැඩ් පාර්ස්කල් මහතා පවසා ඇත.
නොවැම්බර් මාසයේ සිට ට්විටර් පරිශීලකයන්ට මෙම උපදෙස් පිළිපැදීමට සිදුවනු ඇතැයි ඩෝසි මහතා පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ට්විටර් දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතයි