IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්

 

කොංග්‍රස් මණ්ඩල සැසියට බාධා කිරීමට විරෝධතාකරුවන් උසි ගැන්වූයේ යැයි යන චෝදනාවට ලක් වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂය සැරැසෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ට්‍රම්ප් එම ධුරය දැරීමට නුසුදුස්සකු ලෙස නම් කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය උප ජනාධිපති මයික් පෙන්ස් ට බල කරයි.

උප ජනාධිපති මයික් පෙන්ස් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝග ක්‍රියාවලිය සමඟ ඉදිරියට යන බව ද ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කර ඇත.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි උප ජනාධිපති මයික් පෙන්ස්ගෙන් ඉල්ලමින් අද (11) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත ය.

උප ජනාධිපති මයික් පෙන්ස් එය ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝගයට අදාළ යෝජනාව, හෙට (12) කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි පවසා ඇත. ඒ අනුව, ට්‍රම්ප් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්ද විමසුමක් පැවැත්වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. සෙනෙට් මණ්ඩපයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂය සතු බැවින්, එය ට්‍රම්ප්ට අවාසියක් වනු ඇත. පසුගිය 6 වැනිදා ට්‍රම්ප්ගේ උසි ගැන්වීම් මැද ඔහුගේ ආධාරකරුවන් කලහ කරමින් කොංග්‍රසයට බාධා කළ අවස්ථාවේ, ට්‍රම්ප්ට සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ගේ අප්‍රසාදය ද එල්ල විය.

ඉකුත් වසරේ නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය පත් විය. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු කොංග්‍රසය රැස්වූයේ ඉකුත් 6 වැනිදා ය. ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රස් රැස්වීමට බාධා කළේ එම අවස්ථාවේදීය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නැති නමුත් සාමකාමී ලෙස බලය පවරා දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දා පොරොන්දුවක් ලබාදුන්නේ ය. තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ලබන 20 වැනිදා ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.

ජනාධිපති ට්‍රම්ප්, බයිඩන්ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී නොවන බවත්, එදින ඔහු ෆ්ලොරීඩාවේ ඔහුගේ නිවාඩු නිකේතනයේ ගත කරන බවත් ධවල මන්දිර ආරංචිමාර්ග සඳහන් කරයි. තමන්ගේ දිවුරුම්දීමේ උළෙලට සහභාගී නොවීමට ට්‍රම්ප් ගත් තීරණය ගැන තමන් අතිශය සතුටට පත්වන බව ජෝ බයිඩන් පවසා ඇත.


(ඒ.එෆ්.පී./රොයිටර්)

055



අදහස් (4)

ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්

NM Tuesday, 12 January 2021 01:41 AM

හොඳ වෙලාවට ජෝ බයිඩන්, කමලා හැරිස්ව ඔහුගේ උප ජනාධිපති තනතුරට තෝරා ගත්තේ... එසේ නොවුණා නම් අදත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ම තමයි.

:       0       1

Saman Tuesday, 12 January 2021 04:11 AM

නන්දසේනතුමාටත් එකක් ගේන්න බැරිද?

:       0       8

Raveendra Tuesday, 12 January 2021 06:53 AM

අයියෝ... ට්‍රම්ප් අයියා ඕවත් වැඩද අපේ අර හිටපු සත්ගුණවත් ප්‍රේම් අයියට අපායට කෝල් එකක් දීල දෝෂාභියෝග දිනන හැටි අහගන්නකෝ... ප්‍රතිපල අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. අන්තිමේදී වයිට් හවුස් එකේ පඩිපෙළේ තමන් සමග ඉන්න අම්බරුවන්, මී හරකුන් සමග සමූහ ඡායාරූපයක් අරගෙන පලකරන්න.

:       0       2

Deepal Nirosh Tuesday, 12 January 2021 10:07 AM

කෝ අපේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකාරිනියන්...? මේ ප්‍රශ්නයට පොඩ්ඩක් මැදිහත් වෙලා අඩු ගානේ ප්‍රකාශයක්වත් කරන්න අදහසක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 57 0

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


රියදුරාට නින්ද ගිහින් මාළු ලොරිය මාර ගසේ
2024 සැප්තැම්බර් මස 17 105 0

හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අද (17) දා අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 214 0

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට
2024 සැප්තැම්බර් මස 17 288 0

ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙ


අවසන් රැලි හෙට
2024 සැප්තැම්බර් මස 17 599 0

ලබන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත


ට්‍රිම්ප් මරන්න පැය 12ක් පඳුරක සඟවිලා ඉඳලා
2024 සැප්තැම්බර් මස 17 780 0

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච්හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් පිටිය වෙත පෙර සැලැසුම් කිරීමකින් තොරව ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 84 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2146 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 995 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site