IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ට්‍රම්ප්ට ආයෙත් ට්විටර් නෑ


තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානම හේතුවෙන් බලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඉවත් කරන බව ලෝ ප්‍රකට ට්විටර් සමාගම ඉකුත් සිකුරාදා (8) නිවේදනය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් ඉකුත් දා (6) වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමඟ ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ට්විටර් සමාජ ජාලය පියවර ගත්තේය.

ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ මඟින් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ට්විටර් සමාජ ජාලය එම පියවර ගත්තේ ය.

සිය පාක්ෂිකයන් ඇමතීමේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානම සන්නිවේදන අවිය වූයේ ඔහුගේ ට්විටර් ගිණුමයි. ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමේ සිටින අනුගාමිකයන්ගේ (ෆ්ලෝවර්ස්) ගණන ලක්ෂ 880 (මිලියන 88) කි.

මේ හේතුවෙන් සමාජ මාධ්‍යවල සිටි ලොව බලවත් නායකයන්ගේ සමාජ ජාල ගිණුම් හැසිරවිය හැකි ආකාරය සම්බන්ධයෙන් වසර ගණනාවක් පැවැති විවාදය අලුත් වී තිබේ.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ගිණුම් අවම වශයෙන් ඔහුගේ ධුර කාලය අවසන් වනතුරු අවහිර කර තබන බව ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් උපුටා දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය සතියේදී වාර්තා කළේය.

‘‘අවසන් පැය 24 (ජනවාරි 6) දී සිදු වූ දේවල් දිහා බලද්දි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ අවසන් කාලය සාමකාමී සහ නිත්‍යනුකූල බලහුවමාරුවකට ඉඩ නොදෙන බව පෙනී ගොස් තිබෙනවා’’ යැයි මාර්ක් සකර්බර්ග් සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් නිත්‍යනුකූල ලෙස ජෝ බයිඩන්ට බලය පවරන බවක් පෙනෙන්නට නැතැයි ද හෙතෙම කීය.

‘‘ජනාධිපතිවරයාට එම කාලයේදී අපේ සේවාව භාවිත කිරීමට ඉඩ දීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා කාලසීමාවක් නොමැතිව ජනාධිපතිවරයාගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ගිණුම් අත්හිටුවීමට අපි තීරණය කළා. අවම වශයෙන් ඉදිරි සති දෙක ඔහුගේ ගිණුම් අත්හිටුවනවා. ආසන්න වශයෙන් බල හුවමාරුව අවසන් වනතෙක් අපි ඔහුගේ ගිණුම් අත්හිටුවනවා’’ යැයි මාර්ක් සකර්බර්ග් පැවැසීය.

(රොයිටර්ස්/ඒ.එෆ්.පී.)

055



අදහස් (1)

ට්‍රම්ප්ට ආයෙත් ට්විටර් නෑ

Perera Monday, 11 January 2021 02:19 AM

ඇමෙරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.!!! 

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site