
තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානම හේතුවෙන් බලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඉවත් කරන බව ලෝ ප්‍රකට ට්විටර් සමාගම ඉකුත් සිකුරාදා (8) නිවේදනය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් ඉකුත් දා (6) වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමඟ ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ට්විටර් සමාජ ජාලය පියවර ගත්තේය.
ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ මඟින් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ට්විටර් සමාජ ජාලය එම පියවර ගත්තේ ය.
සිය පාක්ෂිකයන් ඇමතීමේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානම සන්නිවේදන අවිය වූයේ ඔහුගේ ට්විටර් ගිණුමයි. ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමේ සිටින අනුගාමිකයන්ගේ (ෆ්ලෝවර්ස්) ගණන ලක්ෂ 880 (මිලියන 88) කි.
මේ හේතුවෙන් සමාජ මාධ්‍යවල සිටි ලොව බලවත් නායකයන්ගේ සමාජ ජාල ගිණුම් හැසිරවිය හැකි ආකාරය සම්බන්ධයෙන් වසර ගණනාවක් පැවැති විවාදය අලුත් වී තිබේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ගිණුම් අවම වශයෙන් ඔහුගේ ධුර කාලය අවසන් වනතුරු අවහිර කර තබන බව ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් උපුටා දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය සතියේදී වාර්තා කළේය.
‘‘අවසන් පැය 24 (ජනවාරි 6) දී සිදු වූ දේවල් දිහා බලද්දි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ අවසන් කාලය සාමකාමී සහ නිත්‍යනුකූල බලහුවමාරුවකට ඉඩ නොදෙන බව පෙනී ගොස් තිබෙනවා’’ යැයි මාර්ක් සකර්බර්ග් සඳහන් කළේය.
ජනාධිපති ට්‍රම්ප් නිත්‍යනුකූල ලෙස ජෝ බයිඩන්ට බලය පවරන බවක් පෙනෙන්නට නැතැයි ද හෙතෙම කීය.
‘‘ජනාධිපතිවරයාට එම කාලයේදී අපේ සේවාව භාවිත කිරීමට ඉඩ දීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා කාලසීමාවක් නොමැතිව ජනාධිපතිවරයාගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ගිණුම් අත්හිටුවීමට අපි තීරණය කළා. අවම වශයෙන් ඉදිරි සති දෙක ඔහුගේ ගිණුම් අත්හිටුවනවා. ආසන්න වශයෙන් බල හුවමාරුව අවසන් වනතෙක් අපි ඔහුගේ ගිණුම් අත්හිටුවනවා’’ යැයි මාර්ක් සකර්බර්ග් පැවැසීය.
(රොයිටර්ස්/ඒ.එෆ්.පී.)
055
2025 දෙසැම්බර් මස 04
337
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
426
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ට ආයෙත් ට්විටර් නෑ
Perera Monday, 11 January 2021 02:19 AM
ඇමෙරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.!!!