(යොහාන් භාසුර)
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය වන ටෝකියෝ නගරයේ ’කොවිඩ්’ වයිරසය පැතිර යෑමේ අවදානම හේතුවෙන් එරට අග්‍රාමාත්‍යවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
සත්කාරක නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් කිරීමට වැඩි ඉඩක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රේක්‍ෂකයන්ට තහනම් කරනවාද නැද්ද යන තීරණය ඉදිරි දින කීපයේදී ගන්නා බව ඔලිම්පික් සංවිධායකයෝ පවසති.
‘කොවිඩ්’ අවදානම හේතුවෙන් ටොකියෝ නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ සිවුවැනි අවස්ථාව මෙය වන අතර මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.
COMMENTS