(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ලස් නිර්මලනාදන් මහතා ලංකාදිපයට පැවසීය.
තම සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බැවින් තම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති මත පදනම්ව තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථීර ලෙස ප්‍රකාශයට පත්වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබඳ ස්ථීර තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති එක්ක ඉන්නේ එජාපයේ අය විතරයි.
එජාපය කල චෝදනා එකක්වත් ඔප්පු කළාද? එකක්? දෙමල්ලු මෙන්න කියලා දෙයි ගෝඨාට සහය. අපි නොදන්නා දේශපාලනේ..
අදාළ නැත.
මේ පාර TNA කියන සාධකය වැදගත් නෑ. මොකද දැනටමත් එයාල 4ට කැඩිලා... පෙරුමාල් නෑ. වියලේන්ද්‍රන් නැගෙනහිර ඡන්ද ගලවලා. විග් තවත් කොටසක් කඩලා. සම්බන්ධන්ට ලොකු චාන්ස් එකක් නෑ. මොකද එයාලා දෙමල මිනිස්ස්සු රැවැට්ටුවා..අරුල් එක්ක ලොකු තරුණ කණ්ඩායමක් යථාර්තවාදී අදහස් දරනවා.. අමතක කරන්න එපා දෙමල සමාජයේ බොහොම දෙනෙක් උගත් අය කියන එක. TNA එකට හැමදාමත් ප්‍රභාකරන් විකුණගෙන කන්න බැහැ. මිනිස්සුන්ට බඩගින්න දැනෙද්දී ඕව එකක්වත් බලපාන්නේ නෑ. දෙමළ අයටත් අපිට වගේම රැකියා කරන්න අවස්ථාව දෙන්න ඕනෑ. එයාලත් අපි වගේම මිනිස්සු...
මේ ගොල්ලෝ හැමදාම බලය බෙදීම, බෙදුම්වාදය, ත්‍රස්තවාදය වැනි අදහස් කරේ තියාගෙන තමයි දේශපාලනය කලේ. ඒත් දෙමළ ජනතාවට දැන් තේරෙනවා ඔවුන්ටත් තියෙන්නේ ජාතිබේදයක් නැතිව හැමෝටම තියෙන පොදු ප්‍රශ්ණ බව. බෙදී වෙන්වෙලා වැඩක් නැති බව දෙමළ ජනතාව දැන් ටික ටික තේරුම් ගනිමින් සිටිනවා.
අනේ බොරු සෝබන එපා. ඔයාලගේ තීරණේ මොකක්ද කියල රටම දන්නවා.