ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම වැරැදි පූර්වාදර්ශයක් සපයනු ඇති බවත් එමඟින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පරීක්ෂණය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ පරීක්ෂණවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවත් ප්‍රජාතත්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමෙන් විශේෂයෙන්ම ආරක්ෂක අංශ ද සම්බන්ධ දේශපාලනමය සංවේදීතාව සහ දේශපාලන අවධානය ඉහළ පරීක්ෂණවලට සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බාධා එල්ල වනු ඇති බවත් එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් වැරැදිවලට දඬුවම් නොලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කරන බවත් එපමණක් නොව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් යුක්තියේ පිහිට පැතීම අධෛර්යමත් කරන බවත් එම සංවිධානය සඳහන් කරයි.
සිරකරුවකුට සමාව දීම සඳහා ජනාධිපතිවරයාට අයත් බලය අධිකරණ විනිශ්චය ක්‍රියාවලියකට යටත් බවත් අපරාධකරුවකුට සමාව දීමට පෙර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවිය යුතු බව එම සංවිධානය කියයි. එහෙත් මේ දක්වා එවැනි කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නැතැයි ද එම සංවිධානය පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් අධිකරණ තුළ එවැනි තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීමට හැකි බව මහජනතාවට ඒත්තු ගන්වන බව ද එම සංවිධානය කියයි.
පාර්ශව කිහිපයක්ම, විශේෂයෙන්ම ඇතැම් ආගමික නායකයන් බුද්ධ ශාසන අමාත්‍යවරයා හරහා ගලගොඩඅත්තේ ඥානසාරි හිමියන්ට ජනාධිපති සමාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබී තිබෙන බවත් අපරාධකරුවකුට සමාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු නෛතික හැකියාවක් බුද්ධ ශාසන අමාත්‍යවරයා නැති බවත් එම සංවිධානය පෙන්වාදෙයි.
ඥානසාර හිමියන් බුදු දහමට විශාල සේවයක් කර ඇති බවත් එබැවින් උන්වහන්සේට ජනාධිපති සමාව දිය යුතු බව ඇතැම් පාර්ශව පෙන්වා දී ඇති බවත් කියන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයන්ගේ සංගමය ඥානසාර හිමියන් බුදු දහමට පටහැණිව රට තුළ ආගමික සහ වාර්ගික එකමුතුවට තර්ජනයක් වන අයුරින් ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇති බවත් කියයි.
අධිකරණයට අපහාස කිරීම,
සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම යන චෝදනාවලට අමතරව ඥානසාර හිමියන්ට තවත් චෝදනා රැසක් තිබෙන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
055
COMMENTS
එහෙනම් උසාවියට ගල්ගපු අයව ඇතුළට දාන්න. ප්‍රභාකරන් හිටියා නම් හොඳයි කියපු කාන්තාව ඇතුළට දාන්න.
වැලේ වැල් නැති නීතිඥයෙක්නේ ඔහොම කියන්නේ.. කෙනෙකුට කඩේ ගිහිල්ලා මස්කට්ටක් බලාපොරොත්තු වන පොරක් මෙයා...
මහබැංකු හොරුන්ව ඇතුලට දාලා... මගනැගුමෙන්, රූපවාහිනී නාලිකා වලින් සිරිලිය ගිණුමෙන්.., සුනාමි හොරුන් ඇතුලට දානවා නම් ලසන්තව, තාජුදින්ව මරපු අයව ඇතුළට දානවා නම්, ඇතුලෙම තියන්න .
මේ.. කරලා තියන වැරදිවලට, සමාව දුන්නොත් ... පැටව් ගහන්න පටන් ගනීවි ඉවරයක් නැතුව ..!
මේ උඩ බුරන්නේ එක එකාගේ ඩොලර් වලට මොවුන්ට ඕනේ විදිහට වැඩ කරන්න ගියොත් රට ගොඩ ගන්න වෙන්නේ නැහැ.
මේ සමාව පොදු සමාවක්ද? නැතිනම් විශේෂ සමාවක්ද? අධිකරණයට අපහාස කිරීම නිසා නියම කරන ලද දඬුවම වෙනුවට සමාව දීම, අනාගතයේදී එවැනි අපහාස වෙනුවෙන් ගන්නා වූ අධිකරණ හා නෛතික ක්‍රියාමාර්ගයන්ට අනිටු අයුරින් බලපෑම් ඇතිකර විය හැකි වැරදි පූර්වාදර්ශයක් වනු නොඅනුමානයි. නීතිය හා අධිකරණය හෑල්ලුවට ලක්වීමත්, නිර්භයව අධිකරණය ඉදිරියේ තර්ජනාත්මකව හැසිරීමත් අනාගතයේදී දැකගත හැකි වනු ඇත...
කතාව ඇත්ත ,මෙතුමාගේ හැසිරීම බෞද්ධාගමට නිගාවක්.විශේෂයෙන්ම චීවරධාරීන්ගෙ හැසිරීම සංසුන්ව තිබිය යුතුයි .ශාන්ති දායක වචනයකින් අදිපතීන්ගෙ කෝපය උවත් සංසිදවුව හැකිය්.මෙතුමාගේ වාග් විලාසය අනෙක් අයෙකු කෝපාවිෂ්ඨ කිරීමක්.
එහාකොට ගොනවෙල සුනිල්, සොත්ති උපාලි, දම්මික අමරසිංහට ජනාධිපති සමාව ලැබීම නරක පූර්වා දර්ශයක් නොවෙයිද? ඒකාලේ ඕව කීවද වලිගෙ රෝල්කරලා කකුල්දෙක අස්සේ ගහගෙන සද්ද නැතුව හිටියේ. අනේ මුන්වගේ නීතිඥයෝ. ජනාධිපතිට ඒකාලේ බෝම්බ ගැසූ අර ත්‍රස්තයා නිදහස් කිරීම නරක පුර්වාදර්ශයක් කීවාද?
රටේ උත්තරීතර අධිකරණයට ගරු කරන්න!!.
සිරකරුට උචිත ජම්පරය කෝ එතකොට?
එතකොට ඔය නිදොස්කොට නිදහස්කරන කට්ටිය නිසා වැරදි ආදර්ශයක් එන්නේ නැතිද?
මෙයා එලියට දානවනම් සියලුම හිරකරුවන් නිදහස් කරන්න වේවි .
ඥානසාර හිමියන්ට සමාව දෙනවා නම් සුළු වැරදි වලට හිරේ ගිහින් ඉන්න දහස් ගණන් මිනිසුන්ටත් සමාව දිය යුතුයි.
"මහා සංඝ රත්නය " රටේ නීතියට අවනත නොවිය යුතුය කියලා හිතනවා නම් එ්ක බුදු දහමට පටහැනි මෝඩ මතයක්. ඒ නිසා කිසිසේත්ම සමාව දිය යුතු නැහැ. සංඝ මාෆියාවක් අපේ රටට වුවමනා නැහැ..!
ඊලග චන්දයට පෙර ආන්ඩුවට මෙයාව ඕන වී ඇත. ඔවුන්ගේ අරමුන මහින්දගේ චන්ද පදනම විනාශ කිරීමට යලි භාවිතා කිරීම මිස වෙන දෙයක් නොවේ. 2005 රනිල්ට, 2010 පොන්සේකට සහ 2015 වක්‍රව උදව් කරේද පොදු අපේක්ශකයාටය.
වරදක් වී අැත්නම් නීතිය කාටත් ෙපාදුයි රටක යහපැවත්මට සැමට සාධාරණත්වය හිමිවිය යුතුයි
ලංකාවේ අධිකරණයට අපහාස කරපු එකම පුද්ගලයා මේ ස්වාමීන් වහන්සේම විතරද? මම හිතන්නේ මේ මනුස්සයා මෙච්චර දවසක් නිදාගෙන ඉදලාද කොහෙද.. අනේ මේ වගේ නීතිඥයන් ඉන්න කම් රටකට හරි යයිද..
වෛද්‍යවරයෙක්ගේ දියනියක් දූෂණය කළ වරදට හිරගෙට ගිය මදාවියෙකුට එක්තරා ජනාධිපතියෙක් සමාවදී පසුව මුළු දිවයිනටම බලපාන සාමදාන විනිසුරුකමකුත් පිරිනැමුවා. එදා එයට විරුද්ධව කවුරුවත් කටඇරියේ නැහැ. මොකද මේ ස්වාමීන්වහන්සේ මිනීමරලද, මංකොල්ලකාලද, මත්ද්‍රව්‍ය විකුණලද, ත්‍රස්වාදික්‍රියාකරලද? ජනාධිපතිගේ ප්‍රතිචාරය පිළිබඳ සිංහල බෞද්ධයින් අවධානයෙන්...
එතකොට යුධ හමුදාව නීති විරෝධී ආයුධ භාවිත කළා කියලා, කවදාවත් යුද්ධ භූමියට නොගිය අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කොට, ඒ වට දඬුවම් නොදී හිටියාම එ්ක වැරදි ආදර්ශයක් වෙන්නේ නැතිවෙයිද? එකෙන් ලංකාවට කිසිම බලපෑමක් වෙන්නේ නැතිවෙයිද? දේශද්‍රෝහීන්ට මුලින්ම දඬුවම් ලබාදෙන්න.
බෝම්බ ගහලා කිසිම වරදක් නැතිව මරපු මිනීමරුවන් ජනාධිපති සමාව ලැබුවා.. අපේ හාමුදුරුවන් මොනවද කරලා තියෙන්නේ? සමාව නොදුන්නොත් නම් ජාතික අපරාධයක්... දඬුවම් දෙන්න ඕන අය එළියේ.. මේවටද කියන්නේ නඩුකාරවරුන්ගේ අපක්ෂපාතී තීන්දු කියලා...? හරිම කණගාටුයි...
‘‘ඥානසාර හිමිට පොදු සමාව දීම වැරදි පූර්වාදර්ශයක් සැපයිය හැකියි‘ මෙය කිසිම පදනමක් නැති ප්‍රකාශයක්...
"ප්‍රජාතත්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංගමය " කවදා කවුරු අටවගත්තු සංවිධානයක්ද මේ..
අද පිරිත් ටිකක් කියන්න හාමුදුරුවෝ නැහැ , මොන ද අප්පා මේ ?
මේ ගොල්ලන් තරුණ පරපුර විනාශ කරන කුඩු සිද්දීක්ව නම් එළියට ගත්තා කිසිම හිරිකිතයක් නැතුව.. සල්ලි දෙනවා නම් අසුචි වුණත් කාවි...
මහා අපරාධයක් කරලා තියන්නේ අරහමුදා සෙබළු සිය ගාණක් මරලා කෝටි ගාණක් රජයට පාඩු කරපු කොටි අවුරුදු 5කට හිරේ දැම්මා නම් මුන්වහන්සේ අධිකරණයට අපහාස විතරක්නේ කලා කියන්නේ... දවස් 5ක් හිරදඬුවම් දුන්නම මදිද...?
ඥාණසාරට හිමි නොකියන්න හිත නොදෙන්නේ අනේ මට විතරද?
අප්පා ? ඒ කව්ද? අප්පලා ඉන්නේ දෙමලුන්ටනේ. පප්පලා ඉන්නේ පෘතුගීසි අයට වෙන්න ඇති... සිංහල අපිට ඉන්නේ තාත්තා. තවටික දවසකින් සිංහල බෞද්ධයාට පාංශුකුලේට හාමුදුරුකෙනෙක් හොයාගන්න බැරිවෙනවා.. මිනියත් ටොපියක් වගේ ඔතලා වළදාන්න වෙනවා.