(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (7) නියෝග කළාය.
ජපානයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සඳහා විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස ඥානසාර හිමියන් අධිකරණයට කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ සේවකයකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව චෝදනා පත්‍රය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාර ඥානසාර හිමියෝ තමන් මෙම සිද්ධියට අදාළව නිවැරදිකරු බව ප්‍රකාශ කළහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
අපේ හාමුදුරුවනේ පරිස්සම් වෙන්න, ඔබ වහන්සේ ට අනතුරක් උනොත් එහෙම අපි වෙනුවෙන් කව්රුත් නැති වෙනවා, දේශපාලුවෝ ඉන්නේ උන්ගේ හතරවරිගේ බලාගන්න විතරනේ .අපි අනාත කරන්න එපා , ඔබ වහන්සේ දෙවියන් ආරක්ෂා කරත්වා
එක වතාවක් ජපානයේ වේදිකාවක් මත කරපු නෙයියාඩගමක් අන්තර් ජාලයේ සංසරණය වෙනවා අපි දුටුවා. ඒ වගේ දේවල් වලට නම් ආයෙත් වරක් ගෑවෙන්න එපා හාමුදුරුවනේ...!!!
අපේ හාමුදුරුවනේ පරිස්සම් වෙන්න, ඔබ වහන්සේට අනතුරක් වුනොත් එහෙම අපි වෙනුවෙන් කව්රුත් නැති වෙනවා. ඔබ වහන්සේ දෙවියන් ආරක්ෂා කරත්වා ඔබ වහන්සේ නිදහස් කලේ ජනතාවගේ අනුකම්පාව දිනාගෙන චන්දෙට ඉදිරිපත් වෙන්න මිස රටට ජනතාව ආදරේට නෙවේ
අගසව්වෝ දෙන්නයි...!!!
ඥානසාර හාමුදුරුවනේ, අපේ ගමන අපි යමු මොකෙකුටවත් එය නවත් වන්න බැරිය. අපිත් කැලේ කපන්න ඕනෙම වෙලාවක එන්න ලැහැස්තියි.
ප්‍රංශයේ ඉන්න කවුරු බලලා එන්නද?