
(ඩයනා උදයංගනී)
ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ප්‍රශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පා දිස්ත්‍රික්ක පහක රෝහල්වල වෛද්‍යවරු හෙට (20) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනනවල වෛද්‍යවරුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
නීත්‍යානුකූලව මාරු මණ්ඩල හරහා සිදුවිය යුතු කටයුතු සෞඛ්‍ය ලේකම්වරයා විසින් හමුදා මානසිකත්වයකින් යුතුව සිදුකිරීම නිසා මෙම ගැටලුව මතුවී ඇතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය සේවා පවත්වාගෙනයාම සදහා සිවිල් අමාත්‍යාංශයක් ලෙස කටයුතු කිරීමේදී එහි නීත්‍යානුකුල පාර්ශවයන්ගේ එකගතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, සෞඛ්‍ය ලේකම්තුමන් සිවිල් අමාත්‍යාංශයක ක්‍රියාකාරිත්වය තේරුම් නොගෙන හමුදා මානසිකත්වයකින් කටයුතු කරන බවත් ඔහු කීවේය.
වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුවත් හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවත්, මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවා බිද වැටීම පිළිබඳ වගකීම හමුදා මානසිකත්වයෙන් කටයුතු කරන සෞඛ්‍ය ලේකම්වරයා භාරගත යුතු බව ද හෙතෙම පැවසීය.
නීත්‍යානුකූල මාරු මණ්ඩලවල අවසන් එනගතාවයකින් තොරව ප්‍රකාශිත පශ්චාත් සීමාවාසික ලැයිස්තුව නිසා ඉදිරියේදී ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බැවින් මෙම විරෝධය දක්වන බව ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.
මෙම ලැයිස්තුව අනුව වෛද්‍යවරුන් යොමු කර ඇත්තේ අවශ්‍ය රෝහල්වලට නොවන බවත්, ස්ථානමාරු ලබාදිය යුත්තේ රෝගීන්ගේ අවශ්‍යතාව මත මිස නිලධාරීන්ට අවශ්‍ය අයුරින් නොවන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය සංවේදී නොවන්නේ නම් ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට (20) දින හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා ඇතැයි ද හෙතෙම පැවසීය.
COMMENTS
GMOA ක් මුළු රටටම සාපයක්. ඔවුන්ට කියන්න ඕනේ රජයේ ඉස්පිරිතාල හරි, පෞද්ගලික ඉස්පිරිතාල හරි දෙකෙන් එකක් තෝරගන්න කියලා. නීති සම්පාදනය කරන්න ඕනේ පෞද්ගලික ඉස්පිරිතාල සඳහා තමන්ගේම කාර්යමණ්ඩලයක් පවත්වාගෙන යන්න. රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්, රජයේ ඉස්පිරිතාල සඳහා පත්වීම්ද, පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්, පෞද්ගලික ඉස්පිරිතාල සඳහා පත්වීම් ද ලබාදෙන ක්‍රමයක් සකස් කළ යුතුයි...
අනේද කියන්නේ? GMOA එක රෝගීන්ගේ අවශ්‍යතා සඳහාම පෙනී සිටිනවා. දන්නෝ දනිති මෙයාලාගේ වැඩ. මෙයාලගේ අතිකාල දීමනා හරියට ගණන් බැලුවොත්, මං ජීවත් වෙලා තියෙන්නේ ඉස්පිරිතාලෙ ඇතුලේම විතරයි...
ආ දීගෙට මොකද වෙන්නේ ?ආවඩා ආයුබෝ වේවා කියලා ඉවරද?අර පස් විශේෂඥයා මොකද කියන්නේ?
පාදෙනියගේ ගෙදර නත්තල් පාටියක්
රජයෙන් තවත් අනවශ්‍ය ඇඟිලි ගැහීම්.. රට අගාධයට යන එක අමුතුවෙන් කිව යුතුද?