(යොහාන් භාසුර)

ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට  සමත් විය.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල ක්‍රීඩකයෝ ලකුණු 23 කින් දඹුල්ල ජයන්ට්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.

භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල අතර අවසන් මහ තරගය සූරියවැව ක්‍රීඩාංගණයේදී අනිද්දා (23) රාත්‍රී පැවැත්වීමට නියමිතය.