(යොහාන් භාසුර)
එංගලන්තයේදී පසුගියදා අවසන් වූ තරග සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්ෂිත බුබුල’ කඩකරමින් වීථි සංචාරය කළ ක්රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණය සඳහා විශ්රාමික අධිකරණ විනිසුරුවකුගෙන් සමන්විත නව කමිටුවක් පත්කළේ යැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මෙම චෝදනාව මත පසු දිනම නැවත ශ්රී ලංකාවට පැමිණ මේ වන විට නිරෝධානය වෙමින් සිටිති.
COMMENTS
මෙම අවිනීත "වසු පැටවුන්ගේ" බලු ක්රියාවන් සෙවීමට කමිටු පත්කරනවා යනු ලෝකයාට තවතවත් විහිළු සැපයීම මෙන්ම මේ "බූරු පැටව්" සියලු චෝදනා වලින් නිදොස්කර නිදහස් කරන ලදී යන්නත් විය හැකි නොවේද? කෙසේවෙතත් එසේ නිදොස්කොට නැවත "මෙම කාලකණ්ණින්ට" ක්රීඩා කිරීමට අවස්ථාව ලබා දෙනවා යනු මේ අය අප රටේ බාල පරපුරට අවිනීතව හැසිරියව් යන්න කියාපෑමක් නොවේද? ශම්මි ගොයියා බලන්නේ වැඩේ ගොඩින් බේරන්න නොවේද? මෙම අදහස් ශම්මිට කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකිවේවා...!!! අහිංසක මිනිසුන්ගේ අප්රසාදයට පත් මෙම "බූරුවන්ට" නැවත කිසිදා මෙරට නියෝජනය කිරීමට කිසිම අවස්ථාවක් ලබානොදිය යුතුමයි. පව් මේ අයගේ දෙමාපියන්....