(ඉන්දිකා රාමනායක)
කප්පම් ගැනීම් ,මත්ද්‍රව්‍ය ජාවාරම,දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නූතන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ වැටලීම් ඒකකය ලඟදීම ස්ථාපිත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රට පුරා සිදුවන කප්පම් ජාවාරම පොලීසියට වාර්තා වන සහ වාර්තා නොවන කප්පම් සම්බන්ධයෙන් , දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය ට මෙම විශේෂ මැහුම් ඒකකය ස්ථාපිත කරන බව ද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
විශේෂ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීම ට සඳහා දැනටමත් සියලු කටයුතු සිදු කර අවසන් බව ත් ජනතාවට ද ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ඉදිරියේ විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
මහත්මයාණනි, අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දමා අවට නිවැසියන්ට හිරිහැර පීඩා කරන පූජ්‍ය / පූජක පක්ෂයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද..?
ඔක්කෝටම ඉස්සෙල්ල පොලිසිය ජරව කන එක නවත්තල ඉන්න ඕන.
රටේ ව්‍යවස්ථාව සහ නීතිය ගැහැණු/පිරිමි දොපාර්ශවයටම එකවිය යුතුයි. නමුත් කාන්තාවන්ට විශේෂයෙන් සලකන්න ගියාම වෙන්නේ කාන්තාකම ඉස්සරහට දාගෙන පිරිමින්ට වද දෙන සමහර කාන්තාවන් ඒක අවියක් කරගන්න එකයි. අද කාලේ සමහර කාන්තාවන් කරන්නේ අම්මලා, බිරින්දෑලා කරන වැඩ නෙමෛයි. මෙවැනි අය තමයි කාන්තාවන්ට තියෙන සහන වැඩියෙන්ම ප්‍රයෝජනයට ගන්නේ. අසරණ පිරිමින් පවා මේ රටේ ඉන්නවා කියන එක අමතක කරන්න එපා..
කාන්තාවක් පොලිසියකට ගිහින් ඕන බොරුවක් කිව්වම පිළිගන්න එපා.. ඒකෙ ඇත්ත නැත්ත හොයලා බලන්න කියලත් සමහර පොලිසිවල අයට කියලා දෙන්න. සමහර වෙලාවට කාන්තාවක් නිසා ඕන බොරුවක් අහගෙන පිරිමින්ව රිමාන්ඩ් කරනවා මේ කොරෝනා කාලේත්. ඒවා සහගහන අපරාධ...
පිරිමින්ට දරුවන්ට වද දෙන, කුනුහරුප කියන, බනින, බොරු පැමිනිලි දාලා පිරිමියාව රිමාන්ඩ් කරවන, ගෙදර කන්න උයන්න නැති, නිවසේ විදුලිය ගෑස් නාස්ති කර පිරිමියාට පාඩු කරන කාන්තාවන් පවා මේ සිරිලක සිටියි. කාන්තාවන් කියන්නේ ඉස්සර වගේ අහිංසක, සියුමැලි අයම විතරක් නෙමෙයි. කාන්තා වේෂයෙන් සිටිනා යක්ෂණියන්ද මේ ලංකාවේ වැදගත් යයි කියන රැකියාවල් කරමින් සිටියි.
පච්ච කොටාගෙන කුඩු විකුණන, මිනී මරණ, හොර රැකියා ඒජන්සි දමා කෝට් ගණන් උපයන ගැහැණු අල්ලන්නත් වෙනම යුනිට් එකක් ඕනේ...