IMG-LOGO

ජවිපෙ අයවැයට විරුද්ධයි


(සුජිත් හේවාජූලිගේ)
 
මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


නමුත් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට විරුද්ධව විවේචන ඉදිරිපත් කිරීම සඳහා අයවැය විවාදය උපරිමයෙන් යොදාගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.


වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.


‘මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට මේ රට ගොඩනගන්න බැහැ කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය මුල්වුණු ආර්ථික ප්‍රතිපත්ති මේ රට ගෙනගිය තැන අප අවුරුදු ගණනාවක් තිස්සේ අත්දැක්කා. අයවැයට කලින් ජනතාව මත බදු බර පටවලා රජයේ ආයතන, දේපළ විකුණලා දාලා ඉවරයි. ඉදිරියේ එන අයවැය ලේඛනය පුස් ලියවිල්ලක් විතරයි. ඒකෙන් ජනතාවට සෙතක් වේය කියලා හිතන්න බැහැ.  පුස් අයවැයකට ඡන්දය දෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.’



අදහස් (14)

ජවිපෙ අයවැයට විරුද්ධයි

හේමන්ත Monday, 22 October 2018 12:10 PM

අයවැය ඉදිරිපත් කිරීමට පෙරම විරුද්ධව ඡන්දෙ දෙනවා කියන්නේ දේශපාලන අරමුණකට ගන්න තීරණයක්...

:       144       126

සතයපාල Monday, 22 October 2018 12:26 PM

රාජපක්ෂලා රජ කරවන්න ගත්ත තීරණයක් නොවෙයිනේ?

:       557       141

BamunuarachchiMonday, 22 October 2018 04:26 PM

රාජපක්ෂලාව රජ කරවන්නේ අපි. ඒක නවත්වන්න වයිමාටවත් බැරිය.

:       15       164

OMG Monday, 22 October 2018 01:29 PM

මේ දෙවිවරුද? අයවැය එන්න කලින්ම පේන කියනවා...

:       4       38

ASATuesday, 23 October 2018 04:23 AM

‘මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට මේ රට ගොඩනගන්න බැහැ කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි.

:       4       7

ධනුෂ්කTuesday, 23 October 2018 05:14 AM

අයවැය පාර්ලීමෙන්තුවේ නොකිව්වාට. අයවැය හදලා ඉවර උනාම හැම පක්ෂයක්ම, දේශපාලනය ගැන උනන්දු වෙන හැමෝම එහි අන්තර්ගතය දල වශයෙන් දැන ගන්නවා. මේකට විරුද්ධ වන්නේ රජයේ අාදායම් ගිය වසරට වඩා ඉහල දාලා අයවැය පරතරය අඩු කරලා. එ්ක හොඳයි නමුත් වලපයයි ගොඩපයයි තියන අාණ්ඩුවක් එතරම් අාදායමක් හොයන එක ගැනයි ගැටළුව තියෙන්නේ. දඩමුදල්, බදු මුදල් හා වෙන්දේසිය මත මිස නිෂ්පාදන පිටරටට විකිනීමකින් අාදායම් ලැබීමක් හිතන්න අමාරුයි. එතනයි ගැටලුව.

:       0       0

Amila Monday, 22 October 2018 02:19 PM

දැන් ඕක දකින්නත් ඉස්සෙල්ලා කොහොමද විරුද්ධ වුනේ? මෙයලා දන්නේ ඔච්චර තමයි... වැඩ බැරි අයට ඕනේ දේකට හොයන්නේ බලන්නේ නැතුව විරුද්ධ වෙන්න නම් දක්ෂයෝ. ඊළඟ මහ ඡන්දයකදී ඔය තියෙන මන්ත්‍රි ධුර ටිකත් ඉවරයි. වැඩිම වුණොත් එක සීට් එකක් ලැබෙයි ජාතික ලැයිස්තුවෙන්...

:       690       239

සේනක Monday, 22 October 2018 07:16 PM

ගනන්ගන්න එපා අමිල, ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවෙච්ච අසාර්ථකම දේශපාලන පක්ෂය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියා ගන්නා රතු අලිපැටවුන් ටික. ඒක ඉතිහාසයේ ඉදන්ම තව ඉස්සරහටත් ඔහොම තමයි.

:       0       0

ධනුෂ්කTuesday, 23 October 2018 03:53 AM

ගොනා හැරෙනකොට කියන්න පුලුවන් මොකටද එන්නේ කියලා. මෙවර අයවැය පසුගිය වසරට වඩා රජයේ වියදම් මදක් වැඩිකරලා, රජයේ අාදායම් වැඩි කරලා අයවැය හිගය ගොඩක් අඩු කරලා තියනවා. අැත්තටම එහෙම අයවැයක් හොඳයි. නමුත් අවුල තියෙන්නේ රජයේ අාදායම් වැඩි කිරීම පිළිබඳවයි. වැඩි කරන හොඳයි හැබැයි එ් භාන්ඩ හා සේවා පිටරටට අලවි කිරීමෙන් ලැබෙ අපනයන අාදයමෙන්. නමුත් වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න අණ්ඩුවට එහෙම වැඩපිලිවෙලක් පේන තෙක් මානයකවත් නෑ. එහෙනම් රජයේ අාදායම් වැඩි වෙන්නේ. කොහොමද බදු හා දඩ මුදල් වැඩි කිරීමෙන් හා රටේ සම්පත් විකිනීමෙන්. එහෙම අය වැයකට ඔබ එකඟද?

:       4       13

Sriyal Monday, 22 October 2018 04:20 PM

හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගෙයි

:       0       1

ruhuna Monday, 22 October 2018 05:13 PM

බූරුවන්ට ජේවීපී කියන දේවල් තේරෙන්නේ නෑ...

:       0       0

rohana Tuesday, 23 October 2018 04:23 AM

ජෙප්පෝ එදා ඉඳලා අද වෙනකල්ම කලේ ඕක තමයි. හොඳ දේටත් නරක දේටත් එරෙහි වෙන එක. හැම කකුලෙන් අදින එක ඒක ජෙප්පන්ගේ හැටි.

:       11       9

Sugath Tuesday, 23 October 2018 04:30 AM

අය වැය ඉදිරිපත් කරන්නත් ඉස්සෙල්ලා මේගොල්ලන් විරුධ්දයි. මේගොල්ලන් නම් කවදාවත් බලයට එන්න.

:       14       5

ධනුෂ්ක Tuesday, 23 October 2018 05:25 AM

එතකොට රෝහන කියන්නේ මහින්ද මහත්තයා ඉන්න කාලෙයි, වත්මන් අාණ්ඩුව ඉන්න කාලෙයි රට සංවර්ධනය කරන්න නුදුන්නේ ජෙප්පො කියලද? ජෙප්පො නැත්තම් මේ රට අල්ලස, දූෂණය, හොරකම, පාතාලය, දුරාචාරයෙන් තොර. මතින් තොර දියුනු සංවර්ධිත රටක් කරනවා කියලද? ළඟම උදාහරනයක් කියන්නම්, ජෙප්පො නැත්තම් කොළඹ මහ නගරසභාවට මෙලහකටත් ලක්ෂ හයේ පුටු ගෙනැල්ලා. ජෙප්පො නැත්තම් උෟවේ මැති අැමතිලා පවුල් පිටින් කෝටි ගානක් වියදම් කරලා රුසියාවේ සංචාර ගිහිල්ලා. ඔබ කකුලෙන් අදිනවා කිව්වේ එ්වා නතර කරපු එකටද?

:       23       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site