(විනීතා එම් ගමගේ)
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කොළඹින් දකුණු නගර ජල ව්‍යාපෘතිය, මාතර ජල ව්‍යාපෘතිය හා අවිස්සාවේල්ල ජල ව්‍යාපෘතිය යන ජල සම්පාදන ව්‍යාපෘතිවලින් රුපියල් කෝටි 140 කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය කියයි.
මේ පිළිබඳව තමන් කළ පැමිණිලි වලින් පසු මණ්ඩලය විසින් රුපියල් කෝටි 22 කට ආසන්න මුදලක් යළි අය කරගැනීමට කටයුතු කර ඇතැයි ද එසේ වුවත් එම මුදල් සඳහා වන පොලිය අයකරගෙන නැතැයි ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති ඊ.ඩී සුභද්‍ර මහතා කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කළ නමුත් මේ වනතුරුත් ඒවාට අනුබල දුන් මණ්ඩලයේ ඉහළ නිලධාරින් කිසිවෙකුටත් මේ වනතුරු කිසිදු දඬුවමක් ලැබී නැතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ අතර නීති විරෝධී පත්වීම් හා උසස්වීම් රාශියක් මණ්ඩලයේ නීති උල්ලංඝනය කරමින් ලබා දී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
මණඩලයේ ව්‍යාපෘති සඳහා පිටින් බඳවා ගැනීම් බොහෝ සිදුවන්නේ යැයි ද එහි දී සුදුසුකම් නැති නිලධාරින් බොහෝ සිටින්නේ යැයි ද පැවසූ සුභද්‍ර මහතා ව්‍යාපෘති සඳහා පිටින් නිලධාරීන් ගැනීමට අවශ්‍ය නොවන බවත් ඒ සඳහා මණ්ඩලයේ සිටින 10200 ක් නිලධාරීන් ප‍්‍රමාණවත් වන බවත් කියා සිටියේය.
මේ සම්බන්ධව කළ පැමිණිලිවලින් පසු රජයේ විගණන අංශය විගණන පරීක්ෂණ ආරම්භ කළ නමුත් මේ වනතුරුත් මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය හෝ පරිපාලනය මේ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් කෝප් කමිටුව මේ සම්බන්ධව වෝහාරික විගණනයක් සිදුකළ යුතුයැයි උපදෙස් දී ඇතැයි ද රජයේ විගණන අංශ සක‍්‍රීය නමුත් ඔවුන්ට අවශ්‍ය සමහර පහසුකම් නොතිබීම ප‍්‍රශ්නයක් වූ බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මණ්ඩලයේ සිදුවන දූෂණ වංචා සියල්ල ගැන ජල සම්පාදන අමාත්‍යවරයා ද වන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරන්නට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් හා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් ගැන සොයා බලන්නට කටයුතු කරන්නැයි එහි දී ඉල්ලා සිටින්නට ද බලාපොරොත්තු වන බවත් තවදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරංචියි, ආරංචියි ඕකේ හිටපු සභාපතියි, අධ්‍යක්ෂකලායි හොඳහැටි ගැරුවා කියලා. මෑන්ස්ලාගේ වත්කම් දිහා හොඳින් බැලුවොත් හොයාගත හැකියි ගරපු ඒවා ගැන. ඇමැතිත් හවුල්ලු...
ඔන්න යහපාලනය. යහපාලන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවට දූෂණ චෝදනා නැගුවා. ඔවුන් ඊට පෙර ආණ්ඩුවට. මේ ආණ්ඩුව යහපාලනයට. හැමෝම ඔහොම චෝදනා කර කර යමු. පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් සිරස්තල හැටියට හොරකම්, මැරකම්, දූෂණ චෝදනා හැමදේම කොච්චර දැමුවත් වැඩක් නැහැ. ඡන්දයක් එනකොට වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කඳවුරු දෙකක් විතරමයි. විකල්පයක් හිතන්නේම නැහැ. ඒ බව දන්නා හොරු බය නැතිව හොරකමේ යනවා. ඇයි ලියාපදිංචි හොරුනේ. අපේ ඇඟිල්ල පාට කරලා අපිම ඔවුන්ව ලියාපදිංචි කරනවනේ. තව මොනවද? අපි කෙතරම් අදහස් දැමුවත් ඒවා දුහුවිල්ලක් තරම් වත් වටිනාකමක් නැහැ. අපිට තියෙන්න ඒ ගැන ස්වයං තෘප්තියක් විතරමයි. අපේ රටට තෙරුවන් සරණයි.
මුන් අාවම අරුන් ගැන කියනවා. අරුන් අාවම මුන් ගැන කියනවා. හැබැයි කවදාවත් අල්ලපු හොරෙක් නම් නෑ.
පරණ නාට්‍යය දැන් අලුත් නාට්‍යය ඒවාට අධ්‍යක්ෂකලත් ඉන්නවා ඒවා ඇතුලෙම
මේ ලිපිය කියවලා ඊළඟට අදහස් කියවන කොට හිතෙන දේ මේ, මේ රටේ අය වැඩිහරියක් අති පණ්ඩිතයෝ. හැමදේම දන්නවා, තේරෙනවා, හැබැයි වැඩ කරන්නේ වහල්ලු වගේ. වැරැද්ද සමස්ථ සිස්ටම් එකේම කියලා හොඳටම දැන ගෙනත්, ඒක වෙනස් කරනවා වෙනුවට, කට්ටිය ඉහලට උස්සලා ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙනවා.
එතකොට මේ ආයතන වලින් විතරයි දුෂණ වෙලා තියෙන්නේ. අර දියවන්නාවේ තියෙන හරක් ගාලේ ඉන්න සත් ගුණවත් 225 කිසිම වැරද්දක් නිය පිටින් හානියක් කරලා නැහැ ... එහෙමද ??
ජාඇල රජ මාවත අවුරුදු දෙකක් හදනවා. ජල මණ්ඩලේ ඉන්නේ මේ වගේ අයද?
ඕවා ගැන හොයන්න ඉන්න ආයතන පාලකයින් විසින් පාගාගෙන ඉන්නේ. ඉස්සරත් එහෙමත් දැනුත් එහෙමයි. හඳුන්නෙත්ති ඉන්න නිසාදෝ කෝප් කමිටුව අමාරුවෙන් හරි හොර මැරකම් අනාවරණය කරගන්න උත්සාහ කරනවා. නමුත් මේ හොරකම් වලක්වන්න මුලික විය යුතුව තිබුනේ ඔය මණ්ඩල සංස්ථා භාරව ඉන්න ඇමතිලා, ලේකම්ලා නේද? අල්ලස් කොමිසම ඇහැරෙව්වොත් ඔය පැත්ත බලයි. විගණන කොමිසමේ දත් කඩලයි පනත සම්මත කලේ. කාටද මේවා කියන්නේ?
තමන්ගේ ආයතනවල සිද්ද වුණු වංචා, දූෂණ දැනුම් දෙන්න දේශපාලන පලිගැනීම් ගැන දැනුම් දෙන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන්න. නැත්නම් මේවා ප්‍රචාර විතරක් වෙනවා.
කොමිසමක් දාලා හොඳට පඩි ගෙවලා අවුරුදු 5ක් අදින්න. ඉන් පසුව සාක්කි නැති නිසා සියලු අයව නිදහස් කරන්න. සාදවල එකිනෙකා හමුවුණාම සිද්ධිය මතක් කර ආඩම්බරයෙන් සිනාසෙන්න.