(ඩයනා උදයංගනී)
අම්ෆන් සුලි කුණාටුවේ බලපෑමෙන් මධ්‍යම කඳුකරයට හා දිස්ත‍්‍රික්ක රැසකට ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පසුගිය දිනවල පැවැති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩුවීම නිසා ජලවිදුලිය උත්පාදනය සියයට 15-20ත් අතර මට්ටමකට පහත වැටී තිබුණු බවත්, ජල මටට්ම ඉහළයාමත් සමග අද (20) දිනය වන විට ජල විදුලි උත්පාදනය සියයට 31.17ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් මගී ප‍්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සියයට 55.94ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, සියලූ ජලාශවල ජල මට්ටම මෙගාවොට් 667.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දුන් බව ද ඇමතිවරයා කීවේය.
තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම 60.9% , මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 48% , කොත්මලේ ජලාශයේ ජල මට්ටම 54% , වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 56.2% , රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම 55.1% , සමනලවැව ජලාශයේ ජල මට්ටම 65.9 % වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
ඒ හේතුවෙන් ඊයේ (19) දිනයේදී සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් 31.17%ක් ජලවිදුලිය මගින්ද, 65.14% ක් ගල්අගුරු හා ඞීසල් තාප විදුලිය මගින් ද නිපදවා ඇතැයි ද ඇමතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළට