රංජන් කස්තුරි
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවමත් අඩුම මට්ටමක පවතින හෙයින් ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 10 % පමණ දක්වා අඩුවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ අතර බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම මේ වන විට 29 % පමණ දක්වා අඩුවී ඇතැයි ද ලංකා විදුලිබල මණෟඩලය පවසයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේහවලට බලපා ඇති තද සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට හානි වී තිබෙන අතර ඊයේ (15) සහ අද (16) ඇතැම් ප්‍රදේශවලට කෙටි වේලාවක් විදුලිය විසන්ධිවී තිබු බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
COMMENTS
මේක රවීට සුභ ආරංචියක්.
මොකක් හැදුවත් වැඩක් නැහැ වැස්ස නැත්නම්
කවුරුත් කතා කරන්නේ ජලාශ වල ජලමට්ටම ගැන පමණයි. ජලාශ වල රොන් මඩ ඉවත් කිරීම ගැන අහලවත් නෑ. ඒ නිසා දැන් ජලාශ වල ධාරිතාවය ඉතා පහල මට්ටමකට බැහැලා. බලධාරීන්ගේ සාක්කු පුරවා ගැනීමට යොදාගත් තවත් උපක්‍රමයක් බව කිව හැක.
අනෙක් රටවල් කරන්නේ දවල්ට සෝලර් පවර් වලින් වතුර නැවත ජලාශ වලට පොම්ප කිරීම. මේවා හිතල කරන්න ඕනේ නැත්නම් වතුරත් නැහැ විදුලියත් නැහැ.
මොකක් හැදුවත් වැඩක් නැහැ වැස්ස නැත්නම්..................
කමල් මොනවද මේ කියන්නේ? අපේ රටේ සුර්ය පැනල ගන්න පුළුවන් කොටිපතියන්ට පමණයි. ඒ තරමට බදු. වෙන රටවල නම් ඒවා ඉතා සුළු මුදලකට රජයේ සහනාධාර යටතේ දෙනවා. ඉන් ලැබෙන ප්‍රතිලාභය එමෙන් කීප ගුණයක් වටිනවා. සහනාධාරය නිකම්ම වගේ පියවෙනවා. ඒ උනාට අපේ රටේ බලධාරීන් ඒවට කැමති නෑ. මොකද සාක්කු පිරෙන්නේ නෑ නේ.