IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ජල විදුලිය නිපදවීම පහළට

(නිමල කොඩිතුවක්කු)

ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% ත් 15% ත් අතර අගයක් ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ  මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

මේ හේතුවෙන් තාප විදුලි බලාගාරවලින් වැඩි විදුලිය උත්පාදනයක් කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල සමස්ත ජල මට්ටම 21.7%ක් දක්වා පහත බැසීම හේතුවෙන් ජල විදුලිය උත්පාදනය පහළ මට්ටමක් ගෙන ඇති බවත්  ජයවර්ධන මහතා සඳහන් කළේය.

වසර තිහකට පසු ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම මෙතරම් පහළ මට්ටමකට පත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කළ ජයවර්ධන මහතා මෙයට පෙර අවම ජල මට්ටම වාර්ථා වූ 2017 වසරේදී ජල මට්ටම 27% ක් පැවති බවත් සඳහන් කළේය.

ජල විදුලිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන ජලාශයන් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම 26.5% ක් ලෙසත්, මාවුස්සකැලේ ජලාශයේ ජල මට්ටම 26.2%ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 33.9%ක් ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 12.8% ක් ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 33.7%ක් ලෙසත්, සමනලවැව ජලාශයේ ජල මට්ටම 16.2%ක් ලෙසත් පහත බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව මෙගා වොට් 47 කට ආසන්න වී තිබේ.

ඉන් 80% , 85% පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනෙන අතර තවත් 5%ත් 6%ත් අතර ප‍්‍රමාණයක් සුළං සහ සූර්ය බලාගාරවලින් සපුරාගැනෙන බව සුලක්ෂන ජයවර්ධන මහතා පැවැසීය.

පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වනතෙක් අඛණ්ඩව පැවතියහොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහත බැස දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

ජල විදුලිය නිපදවීම පහළට

jayath Friday, 12 July 2019 03:22 AM

විද්වත් අදහස් නොතකන, නිලධාරින් සහ දේශපාලකයින් ඉංජිනේරුවන් විසින් ගත යුතු තීරණ ගන්න, මෝඩ පාලකයෝ ඉන්න රටක් මේක. මෝසම් වැසිදෙකට සහ ජල විදුලියට දතනියවාගෙන ඉන්නකොට වැස්ස අඩුවෙන බව, ඒ හින්ද 2019 විදුලි අර්බුදයක් එන බව, ඒ හින්ද අලුත් ජනන සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න කියල කියපු දේවල් බීරි අලින්ට වීනා ගැයුවා වගේ වුනා දැන් ඉතින් තාප විදුලිය වැඩි මිලට ගන්න කොට වෙන දේවල් රහසක් නෙමි නෙව " පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට ".......

:       0       0

සදහම් Friday, 12 July 2019 05:36 AM

තව අක්කර දාහක් දෙදාහක් ගස් කැපුවනම් හරි.

:       0       1

sharm warn Friday, 12 July 2019 06:04 AM

ජලාශ වල ජාල මට්ටම මෙහෙමත් අඩු වෙන්න වෙනත් හේතුවක් තියෙන්න බැරිද? මෙහෙමත් වාෂ්ප වෙනවා නම් දෙයියනේ ඉතින් සාගරෙත් යම් තරමකට හිදෙන්න එපයිද ? අර පාවෙන බලගාරෙන් විදුලිය ගන්න හිඟයක් මවා පෑමේ රංගනයේ කොටසක් වෙන්න බැරිද ? තමන්ගේ කුට්ටිය උදෙසා ඕනෑම සක්කිලි වැඩක් කරන දේශපාලුවෝ රැලක් ඉන්නකොට එහෙම දේවල් නොවෙන්නේ නැහැ .. ජර්මනිය වගේ වසරෙන් කෙටි කාලයක් ඉර එලිය ලැබෙන රටවල් පවා සුර්ය බලශක්තිය උපරිමයෙන් භාවිතා කරන්නත් එයින් ජනතාවගේ විදුලි බිල අඩු කරන්නත් කරයුතු කරද්දී .. ඝර්ම කලාපික රටක් වෙච්චි අපි සුර්ය බල පද්ධති වලට අනුමැතිය දෙන එකත් අත් හිටවලා .. කාගේ උවමනාවට කාගේ යහපතට ද ??? රට දියුණු වෙනවා කියා ඔබ හිතනවද?

:       0       38

himalFriday, 12 July 2019 08:45 AM

වාෂ්ප වීමම නොවේ ගලා එන ජල ප්‍රමාණයේ අඩු වීමත් බලපානවා. අනෙක් අතට සූර්ය බලය නිශ්චිතව යොදා ගැනීමේ ගැටළු තිබෙනවා. හෙට දිනයේ අහස පැහැදිලි වෙයිද, වලාකුළු සහිත වෙයිද හරියටම කියන්න බෑ. වලාකුළු ඇති විටකදි සූර්ය බලය නිපදවන්න බැරි වෙනවා. අනෙක් අතට මූලික වියදමයි ප්‍රතිලාභයයි ගත්තම ගෙදරකට සූර්ය පැනල සවි කරන එකේ වියදම ගොඩක් වැඩියි සාමාන්‍ය භාවිතයක් නම් තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site