(නිමල කොඩිතුවක්කු)
පානීය ජල බෝතල්වල වැස්මේ ඇති පොලිතින් අසුරනය තහනම් කරමින් නියෝගයක් පනවන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මහතා කොළඹදී අද(05) පැවසීය.
එම වැස්මේ ඇති පොලිතින් ආවරණය මගින් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ලා නිල් පැහැති සහ වර්ණ ගැන්වූ පානීය ජල බෝතල් වෙළඳපොළෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(05) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝතලුත් පරිසරයට කරන හානිය ඉතා දරුණුයි. බෝතල් නැවත එකතු කිරීම අනිවාර්ය කළයුතුයි.
පහුගිය දවස්වල ප්‍රසිද්ධ මහජනයා ගැවසෙන තැන්වල පයිප්ප වතුර පුරවා පානීය ජලය ලෙස විකුණා අහුඋනා නේද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පාරිභෝගික අදිකාරිය මගින් එම වැටලීම් කළා වගේ තමා මතක. මතක හැටියටනම් ඊට පස්සේ තමයි නිෂ්පාදකයින් ඔය ප්ලාස්ටික් අවරණය යෙදුවේ. හැම පැත්තම බලලා තීන්දු තීරණ ගත්තොත් හොඳ නැද්ද?
සියල්ලටම කලින් ජලයේ ප්‍රමිතිය සෙවිය යුතුවේ.
ඉතාමත් හොඳ දෙයක්..., දැන් වැඩිපුරම පරසර හානියක් කරන්නේ මේ ප්ලාස්ටික් වතුර බෝතල්...
ඔවු! එතකොට ඕනි ජරා වතුරක් පුරවල දෙන්න පුළුවන්.
ප්ලාස්ටික් බෝතල සහ ටින් බීම වලට නැවත ගෙවන යම් කිසි මුදලක බෝතලයකට රුපියල් 5 හෝ 10 වැනි මුදලක් අය කරන්න ඕනේ. ඒ වගේම මේවා විකුණන ඕනෙම වෙළදසලක් නිපදවූ සමාගම කුමක්ද කියා නොබලා ආපසු ගෙන මුදල් ලබා දීම කරන්න ඕනේ. මෙවැනි ක්‍රම අද ලොව පුර පුරා අනිකුත් රටවල ක්‍රියාත්මක වෙනවා. යම්කිසි කෙනෙක් බෝතලය හෝ ටින් එක විසි කර දමා ගියොත් එය එකතු කර ආපසු ගන්න වෙළද සලට දීමෙන් ඔහුට එම මුදල ලබා ගන්න පුළුවන්. මේ මගින් පාරවල් දිගට යන යන තැන්වල පල්ස්ටික් බෝතල් සහ ටින් එකතු වෙන්නේ නැහැ. වසර ගණනාවක් සිටම මා ජීවත් වන ජර්මනියේ වගේම අනිකුත් රටවල් මෙය ඉතාම හොදට ක්‍රියාත්මක වෙනවා. මෙහෙ වතුර ලීටර් 1.5 බෝතලයක අඩුම මිල සත 19 ක් නමුත් මේ බෝතලය ලබා ගන්න ආපසු ගෙවන සත 25 ගෙවිය යුතු වෙනවා මිලදී ගන්න.
රන්ජන් මහත්මයාගේ අදහස මම අනුමත කරනවා, ජර්මනියේ මෙම ක්‍රමය අවුරුදු 10 විතර ඉඳන් සාර්ථකව ක්‍රියාත්මක වෙන මෙහෙ මහමග එවැනි බෝතල් නැහැ, මිනිස්සු ඒවා දුටුවොත් අහුලාගෙන ගිහින් කඩවල තිබෙන යන්ත්‍රයට දමනවා එතකොට ඔවුන්ට එම කඩවලින් බඩු ගන්න පුළුවන් කූපන් එකක් ලැබෙනවා
අතීසාර රෝගීන්ට අමුඩ ඇන්දවීමෙන් රෝගය පාලනය කල හැකි බව සොයාගෙන ඇත