IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජලයෙන් යටවූ මාර්ගයේ බසය ධාවනය කළ රියදුරු- කොන්දොස්තර රිමාන්ඩ්

( ක.ග.කරුණාරත්න)
 
පොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දෙසැම්බර් 27 දක්වා බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය ඊයේ(21) නියෝග කළාය.
 
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සහ අපරීක්‍ෂාකාරී ක‍්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත්කිරීම ඇතුලූ චෝදනා ගණනාවක් සම්බන්‍ධයෙන් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ නියෝග කෙරිණි.
 
මෙසේ බන්ධනාගර ගත කෙරුණේ පෞද්ගලික බස් රථයේ රියැදුරු වන පොළොන්නරුව, තඹාලපාර අංක 398 ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර රුවන් පුෂ්පකුමාර යන අය සහ රියසහායක මාතලේ, මඩවල උල්පත,අංක 214 ලිපිනය පදිංචි රත්නායක රාළලාගේ අසංක ප‍්‍රසාද් රත්නායක යන දෙදෙනාය.
 
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය, මාර්ගය ගංවතුරට යටවී තිබියදී මනම්පිටිය සහ පොළොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශය හරහා ධාවනය කරමින් සිටියදී ගංවතුරට ගසාගෙන ගොස් ඇත. බසය සහ මගීන් 54දෙනා පොලීසිය මහත් පරිශ්‍රමයකින් පසු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානකරා රැගෙන පැමිණි බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියාසිටියේය.
 
පොළොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.



අදහස් (1)

ජලයෙන් යටවූ මාර්ගයේ බසය ධාවනය කළ රියදුරු- කොන්දොස්තර රිමාන්ඩ්

Perakum Sunday, 22 December 2019 05:26 AM

බස්රථයේ හිමිකරුටද දඬුවම් දිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site