(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත ද සිල්වා)

අලුත්ගම මොරගල්ල සංචාරක හෝටලයක කාමරයක ලැගුම්ගෙන සිටි ජර්මන් ජාතික වෛද්‍යවරයකු හදිසියේ මිය ගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 84 ක් වන ෆා ඩිතේ නැමැති වෛද්‍යවරයෙකි.

ඉකුත්  දෙසැම්බර් මස 23 වැනි දින ඔහුගේ බිරිඳ සමග මෙම වෛද්‍යවරයා  මෙරට සංචාරයකට පැමිණ මෙම හෝටලයේ නතර වී සිට ඇතැයි පොලිසිය කියයි.

මීට දින තුනකට පමණ ඉහතදී වෛද්‍යවරයාට උදරාබාධයක් ඇති වී ඇති අතර ඊට මෙරට වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ද ලබා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.‍ෙ