IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමෙන් කොතලාවල සිසුන් තිදෙනෙකු රෝහලේ

(මනෝප‍්‍රිය ගූණසේකර)

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දේශන ශාලාවකට කඩා වැදුණු එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එම දේශනයට සහභාගී වෙමින් සිටි දෙවැනි වසරේ සිසුවකුට පහරදී ඇතැයිද ඔහු පහරකැමෙන් වළකාලීමට ඉදිරිපත් වූ තවත් සිසුන් දෙදෙනෙකුටද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදී ඇතැයිද වාර්තා වේ.

පහර කෑමෙන් තුවාල ලත් එක් සිසුවකු කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට  අනුයුක්ත රෝහලට ඇතුළත් කර ඇති බවත් අනෙක් සිසුන් දෙදෙනා රත්මලානේ පිහිටි කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේදීම ප‍්‍රතිකාර ලබන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පරීක්‍ෂණ කටයුතු සිදුකරන හෙයින් වැඩිදුර තොරතුරු හෙළිවී නැතැයිද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තම විද්‍යා පීඨයට පිටතින් පැමිණෙන සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට පහරදී ඇතැයි පැවසීය.

පහරදුන් සිසුන් පිරිස කවුරුන්ද යන්න මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව තම විනය මණ්ඩලය විසින් කඩිනමින් පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් මෙම සිදුවීමට සම්බන්ධ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පහරකෑමට ලක්වූ බව කියන සිසුවකුගේ දෙමාපියන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මේ පිළිබඳව මාධ්‍යයට වාර්තා වවහොත් කොතලාවල ආරක්‍ෂ විශ්ව විද්‍යාලයේ නමට කැළලක් වන බව පවසමින් පහරකෑමට ලක්වු සිසුන් රෝහල් ගතකොට ප‍්‍රතිකාර ලබාදීම පවා ප‍්‍රමාද කළ බව පැවසීය.

 

 

 

 



අදහස් (6)

ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමෙන් කොතලාවල සිසුන් තිදෙනෙකු රෝහලේ

Raveendra Monday, 11 February 2019 04:27 PM

අප රටේ තිබෙන බාලාංශ ඉස්කෝලවලින් මේ කියන ඉස්කෝලේ විතරයි මානසික ලෙඩ්ඩු නැතිව හිටියේ. දැන් බැලුවාම ඒකෙත් එහෙම ලෙඩ්ඩු ඉන්නවා. පිළිතුර හරිම සරලයි තම ජිවිත කාලෙට බාලාංශ ඉස්කෝලෙකට වද්ද ගන්නේ නැතිව පන්ති තහනම් කාර එලියට දාන එක.

:       61       736

Upali Tuesday, 12 February 2019 01:36 AM

දැන් ඒකටත් මැරයො ඇවිල්ලද?

:       0       98

Hasanka Tuesday, 12 February 2019 03:14 AM

ඔබ ඔය කියන විදිහෙ මානසික ලෙඩ්ඩු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නෑ. වෙනත් විශ්වවිද්‍යාල වල සිදුවන ආකාරයේ සංවිධානාත්මක ක්‍රියා කිසි දෙයක් මෙම විශ්වවිද්‍යාලයයේ සිදුවන්නෙ නෑ. මත ගැටුමක් පොඩි ගුටි කෙලියකට හැරුණ එක පමණයි මෙහි වුනේ. එහෙම දෙයක් ඕනම සමාජයක සිදුවන්න පුලුවන්. මේ විශ්වවිද්‍යාලයයේ නම් මේ සිදුවුනාමයි. ඔබ මේ දුන්න වගේ මෝඩ විසදුම් දීපු නිසා තමයි අනෙකුත් විශ්වවිද්‍යාල වලට මෙහෙම උනේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නම් ඒ ආකාරයේ මෝඩ විසදුම් අවශ්‍ය වෙන එකක් නෑ. ස්තූතියි.

:       142       40

රවින් Tuesday, 12 February 2019 03:37 AM

මෙම ස්ථානයේ විනය පිරිහිලාද? පිටතින් අයවලුන් පීටය ඇතුලට පැමිණියේ කොහොමද? ආරක්ෂක විදිවිධාන දුර්වලද? මෙම ස්ථානයෙන් ඉදිරියට සමාජ ගතවන අය ගැන පොදු සමාජ පිළිගැනීම කොම්බඳුද? දේශපාලු හයිය මෙම ස්ථානයටත් ඇතුළු වෙලාද? පාතාලය ඇතුලට රින්ගලාද? ප්‍රශ්න වැලක්. වහාම අත්‍යවශ්‍ය පියවර ගන්න. නැතිනම් ඉදිරි හමුදා නිලදරුවෝ පාතාලයෝ වෙයි.

:       0       53

Don Tuesday, 12 February 2019 04:50 AM

කොතලවලටත් කබල්- ජවිපෙ , පෙරටු - හොටුගාමි රිංගල එකත් නැතිකරන්න හදනවා. තක්කඩියෝ එලවන්න ඕන.

:       0       84

Pidithaya Tuesday, 12 February 2019 09:51 AM

අද වෙනකොට කොතලාවල විශ්ව විද්‍යාලය කියන්නේ ලංකාවේ අංක එකේ උපාධි කඩයක්.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30268 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12351 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 777 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site