
(ළහිරු හර්ෂණ)
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ කෙරිණි.
මෙම එන්නත් ලබාදීම මධ්‍යස්ථාන දෙකක දී සිදු කරන අතර උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපන මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේදීත් එන්නත් ලබාදීම සිදුකෙරේ.
මෙම කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාදුන් ජංගම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් ලබා දෙන අතර ස්තාවර දුරකථන අංක ලබාදුන් අය සදහා දුරකථන ඇමතුමක් ලබාදුන් පසුව පැමිණිය යුතු අතර දිනය, වේලාව සහ ස්ථානය ලබාදෙන බවත් එන්නත්කරණයට පැමිණීමේදී එම කෙටි පණිවිඩය සහිත ජංගම දුරකතනය හා එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම ද අත්‍යාවශ්‍ය වේ.














2025 දෙසැම්බර් මස 18
523
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව