IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙක් කොරෝනාවට බිලිවෙති

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නීතීඥ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු වූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත.

කොවිඩ් ආසාදිතව දින කිහිපයක් තිස්සේ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා පෙරේදා (24) ජීවිතක්ෂයට පත්ව ඇති අතර නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ඉකුත් 23 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ගොස් ඇත.

මියගිය විජේසිංහ මහතා දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි ජ්‍යෙෂ්ඨ තනතුරු ගණාවක්ම හෙබවීය. එම දෙපාර්තම්න්තුවෙන් විශ්‍රමා යාමෙන් අනතරුව පෞද්ගලික නීතීඥවරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා ව්‍යාස්ථා නීතිය පිළිබද විශාරදයෙකුවේ.

මීට අමතරව පරිපාලන නීතිය , වානිජ නීතිය , අපරාධ නීතිය ,සිවිල් නීතී ආදී විවිධ ක්ෂේත්‍ර වල නඩු වලට පෙනී සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි.

මානව හිමිකම් නඩුවලදී උපදෙස් දීමේ කටයුතු වල සදහා වඩාත් ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මීය කොවිඩ් -19 ආසාදිතව දින කිහිපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූවාය.

ජනාධිපති නීතීඥ ක්.වී.තවරාසා මහතා දයාබර භාර්යාව වන ගෞරී සංගරී තවරාසා මහත්මිය මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා උතුරු හා නැගෙහිර පළාත් සාමන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් නඩු විභාගයන් සදහා පෙනී සිටින කීර්තිමත් නීතීඥවරියක වූවාය. අපරාධ නීතිය ,සිවිල් නීතී ආදී ක්ෂේත්‍ර වල නඩු වලට ද ඇය පෙනී සිටියාය.

ඒසේම සිය වෘත්තීය වපසරිය තුළ ඇය අධිකරණ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නොමසුරුව සහයෝගයක් ලබා දෙන්නියක ද වූවාය.

ජනාධිපති නීතීඥ ඩී .එස්.විජේසිංහ

නීතීඥ ගෞරී තවරාසා මහත්මිය



අදහස් (7)

ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙක් කොරෝනාවට බිලිවෙති

Rata Perata Wednesday, 25 August 2021 07:25 PM

තවමත් මේ කොරෝනාවට හරි පවුල හොයාගන්න බැරුව නන්නත්තාර වෙලා වගේ...

:       6       51

VithanaFriday, 27 August 2021 06:25 AM

ඒ පවුල මැරෙන්නේ කොරෝනාවට ඇති මරන බය නිසා මොකද එක්කෙනාට දවසට තුන් හතර සැරේ ඇන්ටිජන්ට් පරීක්ෂාව කර ගන්නවා මරන බයට. රටම අනතුරේ හෙලලා එයාලා උපරිම විදියට පරිස්සම් වෙනවා ජනතා මුදල් ලොකු ගානක් වියදම් කරලා.

:       0       0

ranjan Wednesday, 25 August 2021 07:56 PM

දුපතක ජිවත් වන අපිට මේ වයිරස් එක පිටරටින් එන එක වලක්වගන්න බැරි වුනේ අපේ අදක්ෂ කමට.

:       7       45

විපරමා Wednesday, 25 August 2021 09:08 PM

කොරෝනා වසන්ගතය වළක්වා ගන්ඩ බැරි උනේ පාලකයින් ගේ තියෙන නොසැලකිලිමත්කකම නිසා.

:       5       32

BamunuarachchiFriday, 27 August 2021 07:56 AM

ඇත්ත ඇත්ත පාලකයින්ට බැරි උනා එක පුරවැසියාට එක PHI ගානේ දමන්න කොරෝනා නීති පිළිපදිනවාද බලන්න.. එනිසා තමයි කට්ටිය දාලා තිබෙන්නේ බෙල්ලට දමාගෙන ඉන්න මාස්ක් එක නහයට දාගන්න කියන්න, මාස්ක් එක නහයට දාගන්න ඉන්නවාද බලන්න. මෙහෙව් අය වෙනරටවලත් ඉන්නවා ඒ නිසා පුදුම නැහැ.

:       0       0

Kodi Wednesday, 25 August 2021 09:49 PM

කොවිඩ් ටෙස්ට් එක නියමයි සර්

:       3       21

Babun Appuhamy- Dewundara. Thursday, 26 August 2021 10:51 AM

විපරමා,මේක අපට වසංගතයක් තමා. ඒ වුනාට එහෙම වුනේ අපට. ඇතැමෙකුට මේක වසන්තයක්.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 962 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site