( තිළිණි ද සිල්වා )
ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේවන විට කටයුතු කරන ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්ය භාර්යය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත.

ජයත්මා වික්‍රමනායක අමතරව ලොව පුරා වෙසෙන කලාවේදීන්, තරුණ නීතීඥයින් , නායකයින් , ප්‍රසිද්ධ චරිත , ව්‍යවසායකයින් ආදී ක්ෂේත්‍ර නියෝජන වන පරිදි තරුණ තරුණියන් අනාගතයේ ලොව බලවත් වේ යැයි ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
මෙම සියදෙනාගේ ලැයිස්තුව තුළ ඇය තරුණ ව්‍යවසායක ලෙසින් ලැයිස්තුගත වී ඇත.
බෙන්තොට හබුරුගල ප්‍රදේශයේදී 1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමි කර ගත්තාය.
2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබීය.
වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව සදහන් කරමින් ඇයට එම පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර නිවේදනය කර තිබුණි.ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය එම නිවේදනයේ සදහන් කර තිබිණි.
තමන් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් තබමින් ජයත්මා වික්‍රමනායක මෙසේ පැවසුවාය
‘‘බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා , විසාකා එකට ගිහින් , කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන , 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා , 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකේ අනාගතයේ බලවත් වේ යැයි TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින් යැයි ඇය සදහන් කර තිබිණි.
COMMENTS
උණුසුම් සුබපැතුම්.!
ආඩම්බරයි ලක් නැගණියනි ඔබ ගැන. අනිවාර්යයෙන්ම ඔබට මුළු ලෝකෙන්ම බලවත් වෙන්න වාසනාව ලැබේවා කියලා සුබ පතනවා.
මුල මතක තිබෙන ඔබට අපගේ ආචාරය
ෆේස් බුක් එකේ සටහන හරිම නිහතමානී. ඔබල වගේ අය රටේ පාලනයට එනකන් මිනිස්සු බලන් ඉන්නවා. සුබ අනාගතයක්.
ශිෂ්‍යත්වය නොතිබුනානම් විශාකා එක ලඟින්වත් යන්න ලැබේද ?
ෆේස් බුක් එකේ සටහන හරිම නිහතමානී. ඔබලා වගේ අය රටේ පාලනයට එනකන් ජනතාව බලන් ඉන්නවා දුවේ. ඔබට බුදු සරණයි!
කොහේ හිටියත් කමක් නැහැ ලංකාවටනම් එන්න එපා ඔබට සුබ පැතුම්.!
සුබපැතුම් දියණිය ! ආඩම්බරයි ඔබ ගැන.
සුභ පැතුම් !
ඔබට සුබපැතුම්.!
එක්සත් ජාතික පක්ෂයෙන් බෙන්තොට ආසන සංවිදායක වෙලා ගීතාට අබියෝග කරන්න එන්න.
මගේ සුබ පැතුම්!
නංගි දේශපාලනයටනම් එන්න එපා.
ගීතා කවුද ගණන් ගන්නේ ? එයාට අභියෝග කරන්න මෙතරම් උගත් දක්ෂ කාන්තාවක් මොකටද?
බෙන්තර ගගෙන් එහාපැත්තෙන් ඔබට ඉතාමත් උණුසුම් සුබපැතුම්! මා ඉතාමත්ම ආඩම්බර වෙමි. ඡයවේවා!
සුබ පැතුම්. ඔබගැන ආඩම්බරයි...!!!
මුල මතක තිබෙන ඔබට අපගේ ආචාරය'
සුබ පැතුම්. ඔබ ගැන ආඩම්බරයි...!!! අපේ රට ගොඩදාන්නත් උදව් වෙන්න.
අහන්නත් ආසයි වැන්නවුන් ගැන. ආඩම්බරයි සහෝදරිය.
හරිම සතුටුයි දුවේ. අන්තිම වැකියෙන් රටේ බදු ගෙවන ජනතාවට පින් දුන්න කතාවට ඇස් වලට කදුලු ආවා. අන්න ඒ මිනිස්සුන්ට පෙරලා යමක් කරන්න දුවේ. ඔබට පින්
ඔබට තෙරුවන් සරණයි.
අති විශිෂ්ඨයි සහෝදරිය.
නිදහස් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වාදුන් ඔබට මගේ උණුසුම් සුබපැතුම්! සුබ අනාගතයක්...
සෞදිසිංහ නම් සැබෑම ගොබ්බයෙක්... කොහේ ගියත් යන එක කාගෙන යනවා.
සුභ පැතුම් !
හොඳ වැඩ කරලා ලෝකේ බලවතෙක් උනාට ලංකාවේ බලවතෙක් වෙන්න නම් හොඳ වැඩ කරලා බෑ නෝනේ. කොහොම උනත් ඔබතුමියට උණුසුම් සුබ පැතුම් !