IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජීප් රියක් යතුරු පැදියක් එකිනෙක ගැටී අයෙක් මරුට

(එම්.සුසිල් ප්‍රියන්ත)

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ජීප් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් අය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ ඇල්පිටිය ගෝනුපාවුලදෙනිය සුපුන් ප්‍රියනාත් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය කැටන්දොළ තල්ගස්පේ පදිංචි විසිඑක් හැවිරිදි තරණයෙකි. ඔහු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අනතුරට ලක්වූ ජීප් රථයෙන් පැමිණි පිරිස පලාගොස් ඇති බවත් ඔවුන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළබවත් පොලීසිය කියයි. 

ගාලු සිට කොළඹ  බලා යමින් සිටි යතුරු පැදියක් හා කොළඹ සිට ගාලු බලා එමින් සිටි ජීප් රථයක් ගැටී මේ  අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.



අදහස් (0)

ජීප් රියක් යතුරු පැදියක් එකිනෙක ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site