IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ජපන් යුද නැව් 3 ක් එකවර කොළඹ වරායට

(යොහාන් භාසුර)

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් අද (2) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැන්නා ලදී.

ජපන් ඩිස්ට්‍රෝයර් නෞකා වන ‘කාගා’, මුරසමී සහ ෆුයුසුකී යන නෞකා මෙලෙස කොළඹ වරායට සේන්දු වූ අතර ‘ෆුයුසුකී’ යුද නෞකාව දිගින් මීටර 151 සහ නැවියන් 220 කගෙන් සමන්විත වන අතර මෙම නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (3) පිටත්ව යාමට නියමිතවය.

‘කාගා’ යුද නෞකාව දිගින් මීටර 248 ක් සහ නැවියන් 210 කගෙන් සමන්විත වන අතර ‘මුරසමී’ යුද නෞකාව දිගින් මීටර 151 ක් සහ නැවියන් 200 කගෙන් සමන්විත වේ.

ඕස්ටේ්‍රලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම නෞකා දෙක සංචාරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව අනිද්දා (4) පිටත්ව යාමට නියමිතය.

 



අදහස් (6)

ජපන් යුද නැව් 3 ක් එකවර කොළඹ වරායට

janis Sunday, 03 October 2021 04:42 AM

එහෙම කොහොමද කියල, හෙට අනිද්දම චීන නැව් බුරුතු පිටින් ඒවි

:       2       3

Bamunuarachchi Sunday, 03 October 2021 08:42 AM

දැන් ජෙප්පෝ බෙරිහන්දේවි කොළඹ වරාය මහා රෑ ජපානෙට විකුණලා කියලා.

:       10       3

Perera Sunday, 03 October 2021 11:31 AM

වරායෙන් ලංකාවට දැන් ඉතුරුවෙලා තියෙන ටික ජපානෙට විකුණුවාවත්ද?

:       3       5

කිරිසප්පයා Sunday, 03 October 2021 01:25 PM

එකවර තුනක් ආවා කියන්නෙ .... යටත් කරගන්න තමා අපිව

:       5       3

Gammanpila Sunday, 03 October 2021 02:10 PM

ඇයි තුනක්ම එකපාර ආවේ.

:       5       2

Bamunuarachchi Sunday, 03 October 2021 04:43 PM

චීනෙන් නොවෙයි තූත්තුකුඩියෙන් හරි කමක් නැහැ වරායට නැව් එනවානම්. ඒක රටට ආදායමක්. ඕක නොතේරෙන මැට්ටෝ ඉන්නවානේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1018 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site