IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


ජපානය දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 14 ඉදිරි සතියේදී ලංකාවට

(තිළිණි ද සිල්වා )

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා  දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි  ජපානයේ ටෝකියෝ හී  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ  කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත් තොගය ජපානයෙන් මෙරටට ලැබෙන බවද තානාපති කාර්යාලය පැවසීය.

 එන්නත් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සහ කොවිඩ්-19 ට මර්දනයේදී දී හැකි තරම් පිරිසකට ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීමට සහාය දැක්වීම ලෙස ජපන් රජය මෙම එන්නත් මාත්‍රා තොගය පිරිනමන බවද  එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

 මීට අමතරව, ජපාන රජය යුනිසෙෆ් හරහා ශීත ගබඩා දාම උපකරණ සහ  සුදුසු උෂ්ණත්වයේ දී එන්නත් ගබඩා කිරීම සහ එන්නත් දේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශීත ගබඩා පෙට්ටි සහ එන්නත් රැගෙන යන උපකරණද මෙරටට ලබා දී ඇතැයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දේ.

ශ්‍රි ලංකාවේ ජනතාවට සහ ජපාන රජයට හා එහි ජනතාවට සහ මෙම උත්සාහය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කරන බවද ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

 කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක් ලබා මේනව විට ප්‍රදානය කර ඇති අතර එම වසංගතය මර්දනය කිරීමේ  ඒකාබද්ධ සටනේ දී ජපානය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

 



අදහස් (5)

ජපානය දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 14 ඉදිරි සතියේදී ලංකාවට

priyamal Saturday, 17 July 2021 12:10 PM

අවුරුදු 60ට වැඩි අයට නියමිත වේලාවට එන්නත් දෙන්න බැරි වුණා. ආයෙත් මුල ඉඳලා, ඒ කියන්නේ එන්නත් 3ක් දීම ගැන හිතලා බලන්න.

:       6       49

kanchana nanayakkara Saturday, 17 July 2021 02:33 PM

මම ජපානයේ ඉන්න කෙනෙක්... මේ එන්නත මෙහෙ හදන්නේ නැහැ. ඇමෙරිකාවෙන් මිලදී ගත්තේ..

:       2       33

Sri Lanka Saturday, 17 July 2021 04:09 PM

ජපන් වාහන ගන්නේ නැහැ කියලා ජපන්නු නිකන් ඉන්නේ නෑ. වැක්සීන් විකුණලා හරි ගොඩයනවා. ජයවේවා..!!!

:       59       2

Sri Lanka Saturday, 17 July 2021 08:30 PM

ප්‍රතිඅපනයනය, කෙළිනුත් විකුණනවා, වටෙනුත් විකුණනවා.

:       0       0

lal Sunday, 18 July 2021 05:10 AM

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා නෙමෙයි. ජපානය මුලින්ම හැම එන්නතක්ම මිලට ගෙන ගබඩාකර තබාගත්තා. එහෙම තමයි මුලදි කළේ. නමුත් එරට ඉන්න අයට දෙන්නේ ෆයිසර් හෝ මොඩර්නා පමණයි. මේ නිසා කලින් ගත් එන්නත් වුවමනා රටවලට නිකන් දෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 338 0

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 287 0

ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක


ඇල්ලේ ගිනි ගැනීම් හතරක්
2024 සැප්තැම්බර් මස 13 165 0

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින


කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්
2024 සැප්තැම්බර් මස 13 588 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාක


මගුල් ගෙදර ගිහින් එද්දි නොඑන ගමන් යයි
2024 සැප්තැම්බර් මස 13 888 0

විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර


සංජීව මහානාමට ඇප
2024 සැප්තැම්බර් මස 13 657 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2068 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site