(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තුව විසුරුවා හළ දිනයේ සිට මාස තුනක කාලයක් තුළ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වුවද මහ මැතිවරණය පැවැත්වීම ලබන ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට රජය කටයුතු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි සභාපති පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මුලික අයිිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.
පසුගිය මාර්තු මස 02 වැනිදා පසුගිය පාර්ලිමෙන්තුව විසුරුවා ඇති හෙයින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථානුකූලව ලබන ජුනි මස 02 වැනිදාට පෙර නව පාර්ලිමෙන්තුව රැස්විය යුතු බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කොට ඇත.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි සභාපති පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉදිරිපත් කරන ලද මෙම මුලික අයිිතිවාසිකම් පෙත්සම් දෙකේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ එහි සාමාජිකයින්ද ජනාධිපති ලේකම්වරයා, නීතීපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බව ව්‍යවස්ථාවේ සදහන් කොට ඇතැයි මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් දැනුම් දුන් පෙත්සම්කරුවන් ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුව පසුගිය මාර්තු මස 2 වනදා විසුරුවා හළ හෙයින් අතර ව්‍යවස්ථාව පතිපාදනවලට අනුව ලබන ජුනි මස දෙවනදාට පෙර ඊළඟ නව පාර්ලිමේන්තුව රැස්වීය යුතු බවද පෙන්වා දී ඇත.
ව්‍යවස්ථානුකූල තත්වය එය වුවත් මහ මැතිවරණය පැවැත්වීම ලබන මස 20 වැනිදා තෙක් කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයිද එය ව්‍යවස්ථා වීරෝධී බවද පෙන්වා දෙන පෙත්සම්කරුවෝ කොරෝනා වසංගතය දීප ව්‍යාප්තව පැතිරගොස් ඇති හෙයින් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවොත් මහජනයාට නිදහසේ ඡන්දය දිමට කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද පෙන්වා දී සිටිති.
ඒ අනුව පාර්ලිමේන්තු මහා මැතිවරණය ලබන ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
COMMENTS
මූලික අයිතිවාසිකම් කඩවීමක් තියන බව පේනවා බැලූ බැල්මට.
එහෙම නම් පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කරමු. පඩි ගෙවනවාට වඩා ලාබයි. අලුත් පාර්ලිමේන්තුව වෙනුවට පරණ පාර්ලිමේන්තුව රැස් කරලා වැඩක් නැහැ.
මිනිසා නොදියුණු යුගයේ සිට මේ දක්වා මහත් කැපකිරීම් කොට ප්‍රජාතන්ත්‍රවාදය තෙක් පැමිණ තියෙනවා. ලෝකයේ සියලුම රාජ්‍යයන් රට කරවන මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට බැදී සිටිනවා. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීමට කාටවත් බලයක් නැහැ. කව්රුන් හෝ එසේ කරනවා හෝ කිරීමට ආසන්නව සිටිනවා නම්, ඒ පිළිබඳව අධිකරණයට යාමට නීතියෙන් හිමිකම් ලැබෙනවා. යුක්තිය පසිදලනවා.
කොටසක් කියනවා ඡන්දය තියන්න එපා කියල. තවත් අය කියනවා පරණ එක කැඳවන්න කියලා. තවත් අය කියනවා ව්‍යවස්ථාවට පටහැනියි කියල. රටට ආදරේ ඇති එකෙක්වත් නැහැ. රට අවුල් කරන තැන තමා ඔක්කොම ඉන්නේ. ඉක්මනින් ඡන්දයක් තියල මේ අවුල ලිහන්න කියල කවුද කියන්නේ? අනෙක 20 වරක් කෑලි අමුනලත් පිළිවෙලක් නැති ව්‍යවස්ථාව හැදුවේ අපිද? මේ කෑගහන එවුන්ම තමා... ඉන් පැහැදිලි වෙන්නේ මේ සේරටම අවශ්‍ය රට අවුල් කරන එකයි.
ඇත්තටම දැන් පාර්ලිමෙන්තුවක් නැතිව රට හොදට ගෙනියනවනේ... ඔය 225ට වියදම් කරන මුදල් වලින් තවත් හොද දේවල් කරන්න පුළුවන්. කවුරුහරි වුණත් කමක් නැහැ.... රට හරියට පාලනය කරනවා නම්...
ව්‍යවස්ථාව හදනකොට මෙවැනි වසංගතයක් ඇවිත් මැතිවරන පැවැත්වීම අසීරු වෙයි කියලා ඒ අයවත් දැනසිටියේ නැත. ඒක දන්නවනම් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තිබුනානෙ. ව්‍යවස්ථාවයි වසංගතයයි දෙකම බේරාගන්න අපහසු බවයි පෙනෙන්නේ.
දැන් මැකොත් ගෝටට, පුතා ආරක්ෂාව ඇතිව රටින් ගෙන්නවල දුන්න නිසා. රත්නජීව හූල් මහත්තය විතරයි යාලු කර ගන්න ඕන. ජුනි 20 ට කලින් උනත් මහමැතිවරණය තියාගන්න පුළුවන්.