ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ එම කරුණු සඳහන් කළ බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා ඇත.
“අද පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.
අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.
ඒක නොපිළිගන්න තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නැහැ. අනෙක් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කර ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා”.
055
COMMENTS
අැයි මහත්තයො ජූනි වෙනකම් ඉන්නෙ ඔය විශ්වාස භංගය සම්මත කර ගත්තා වගේ ජනවාරි තියන්න සම්මත කලා නම් ඉවරයි නේද? ඡන්දයක් ගන්නවට වඩා ලෙහෙසියි ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක. දැන් ජනතාව අතරට යන්න වැඩෙ ඉවරයි අපි බලාගෙන ඉන්නෙ ඡන්දයක් දෙන්න...
ඔය ටික විතරද කිව්වේ? මට බලය ලැබෙනකල් ලංකාවට ආධාර දෙන්න එපා කියල කිව්වේ නැතිද?
විහිළු කරන්න එපා
කාගේවත් පැන්ෂන් ගැන හිතන්නේ නැතිව ඡන්දයකට යන්න. රජයක් තේරීමේ අවස්තාව ජනතාවට දෙන්න.
බොහොම ස්තුතියි ඡන්දයකට කැමති වුන එක ගැන. නමුත් ජුනි වෙනකම් නොයිද ජනවාරියේම මෙය තියන්ට උත්සහ කරන්ට.
දැන් එතකොට ඡන්දෙට බය නැද්ද ?
ඔයාට තියෙන්නේ ප්‍රශ්ණ විදේශ මාධ්‍යවේදීන් හා විදේශිකයන් අතරයි. ඇයි මහමැතිවරණයකට තවත් කල් අදින්නේ? ඇයි දුවගෙන ගිහිල්ලා මහ මැතිවරණයකට හේතුවන ක්‍රියා දාමය නැවැත්වීමට කටයුතු කරේ? දෙබිඩි තේරුම් දෙන කොටස් ව්‍යස්ථාවට ඇතුළු කර ව්‍යස්ථාවත් අවුල් කරලා මුළු ලෝකය ඉදිරියේ ලංකාව අවඥාවට ලක් කරන කටයුතු කරලා සුදනා වගේ ඉඳන් බණ දෙසනවා.
මේ මොකටද ජුනි මාසෙට කල් දාන්නේ?
වසර 5 සම්පුර්ණ වනතුරු කිසිම මැතිවරණයක් තැබීම අනවශ්‍ය වේ. මේ සදහා වියදම් කරන රුපියල් කෝටි ගන්න මුදලින් රටේ දුක්විදින ජනතාවට සහන සැලසිය හැකිය. රජයක් පිහිටවීමට ජනතාව බලය දුන්නේ දේශපාලකයන්ට ඕන ඕන වෙලාවට ඡන්ද පැවැත්වීමට නොවේ. නිසි කලට නිසි වෙලාවට ඡන්දය පවත්වා දැනට පවතින ආණ්ඩුව නරකනම් ලැබෙන අවස්ථාවේදී ඔවුන් විසින් නව රජයක් පිහිටුවා ගනු ඇත. බල තන්හාවට නැත්නම් පුද්ගලික උවමනාවට මෙන්ම කල වැරදි වලට පනවා ඇති නඩු මගහරවා ගැනීමට මහජන මුදල් වැය කරමින් පීඩිත ජනතාව තවත් අසරණ කරමින් රටේ මුදල් විනාස කිරීම වහාම නැවතිය යුතුය. මෝඩයන් හා නුගතුන් පාලකයන් බවට පත් උන හා පත්කළ පමණින් රටේ ජනතාව හිගමනට වැටිය යුතු නැත. එම නිසා ඕනෙම ඡන්දය නියමිත කාලයට පවත්වා ජන මතය ලබා ගන්න.
මෙතුමා තාමත් හීන දකිනවා වගේ.. දෙසැම්බර් 7 තීන්දුවෙන් පස්සේ, ජනවාරි 5 තමයි මැතිවරණය. ජූනි මාසේ වෙනකන් ඉන්නේ ඇයි? මම රටේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට ජනාධිපතිගේ තීන්දු නොතකන මෙවැනි මන්ත්‍රීන්ට නම් කැමති නැහැ...
මම මේ කුරුණෑගල වොක්ස්වැගන් කාර් ෆැක්ටරියේ හදපු කාර් එකක් අඩුවට අරගෙන, එ්කේ යන ගමන් නොමිලේ දීපු වයි ෆයි වලින් මේ කමෙන්ටුව දාන ගමන් ඉන්නේ. අපි ඔබතුමා කියන ඒවා ඒ ලෙසටම සිදු කරනවා කියලා දන්නවා...
එක් කෙනෙක්ට 100 දෙනෙක් මැතිවරණයකට කැමති ජේවීපී, යූඑන්පී අකමැති ඇයි? ජනමතය ගැන දන්නා නිසා නොවේද?
පෙනීයන්නේ පාර්ලිමේන්තුව කැඳවා වැඩක් නැති බවත් පාර්ලිමේන්තුව විසිරුවා ජුන්ටාව යටතේ ඡන්දයකට යෑම සාධාරණ බවත් ලබන දෙසැම්බර් 7 වෙනිදාට ලබා දීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීම ය. ඉන්පසුව ජුන්ටාවේ නීති විරෝධී රාජ්‍ය බලයත්, රාජපක්ෂලාගේ මැර බලයත් එකතු කර ගත් ඡන්ද මංකොල්ලයකින් ජය ගැනීම මරා-සිරා ජුන්ටාවේ සැලැස්ම බව පැහැදිලියි..
රට කනවා ඔයාලා හිටියොත් සමනලයෝ...
සම්බන්ධන් හා අනුර කුමාර විපක්ෂයේ තනතුරු අල්ලාගෙන ඉන්න ගමන් මහින්ද විපක්ෂයට යන්න කියන එක වැරදියි. ඒ පක්ෂ දෙක දිවුරුම් පෙත්සම්වලදී රනිල්ට අගමැති වන්න උදව් කරන්න තිබුණා..
ඔබගේ පාක්ෂිකයෙක් නොව මම .ඔබකළ සමහර දේවල් ගැන මට ඇත්තේ දැඩි කලකිරීමක් . නමුත් මේ අවස්ථාවේ ඔබ හැසිරෙන ආකාරය මම අගේකරනවා . ඔබ මේ ගත් ක්‍රියා මාර්ගය නිවැරදි. රට ඉදිරියේ පිරිහුණ ඔබේ ප්‍රතිරූපය රටේ මිනිසුන් අතර ඉදිරියට ගිය කියල මම හිතනවා.
පරාජයට භයේ පළාත් මැතිවරණය නොතියන මෙයා මහජන ඡන්දයකට යාම බොහොම සැක සහිතයි
තවත් කාලය අරගෙන ඔබතුමා රට වලපල්ලට දාන්නද හදන්නේ? ජනාධිපතිතුමා විසින් පැහැදිලි කළ දේවලට ඔබතුමාගේ පිළිතුරු කෝ? මහදවල් ජනතාවගේ මුදල් මංකොල්ල කාපු එකම නායකයා ඔබ, ඔබව රකින කණ්ඩායම ගෙදර යන කාලය වැඩි ඈතක නෑ..
අපි ඒවා කරගන්නම්. සීයා පැත්තකට වෙලා ඉන්නකෝ...