IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොළඹ මහාධිකරණය මගින් 20102 වසරේ නොවැම්බර් 09 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සදහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී.එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.

මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.



අදහස් (14)

’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස්

Puppa Wednesday, 23 December 2020 11:38 AM

ඒක හොඳයි මොකද හොඳ ගනුදෙනු කරුවෙකු ළඟදී පරලෝකයට ගියානේ..

:       0       22

Asanga Wednesday, 23 December 2020 11:50 AM

කැකිල්ලේ තීන්දු දෙන කාලේ ඔවත් වැඩද?

:       1       32

WCA Wednesday, 23 December 2020 11:51 AM

ලිවීමට බොහෝ දේ තිබේ .නඩු තීන්දුවක් හින්ද මුකුත් කියන්න බැ.

:       1       24

සිරිබිරි Wednesday, 23 December 2020 12:15 PM

ජිනා මැඩම්ට ජයවේවා... !!!

:       1       24

නෙවිල් Wednesday, 23 December 2020 12:20 PM

ප්‍රියානි සොයිසා මැඩම්ට විරුද්ධව නඩු කියලත් දිනුවානේ.

:       1       14

Gama Wednesday, 23 December 2020 12:23 PM

සියලු දෙනාටම මාගේ ගෞරවය .... හොද තීරණයක්....

:       1       15

Rata Perata Wednesday, 23 December 2020 02:01 PM

ජයවෙවා සර්... රෙස්පෙක්ට් සර් ....

:       10       31

Raveendra Wednesday, 23 December 2020 04:22 PM

බලන්න තිබ්බ මේ නඩු තීන්දුව යහපාලන කාලෙ එහෙම ලැබුන නම් සංස්කෘතිය සදාචාරය විනාශ වෙනව කියල පංචායුදවංශ තුමා ගිරිය යටින් කෑගන හැටි එහෙම . එකෙන්ම රෙස්පෙක්‍ට් සෑර්..උඩින්ම පාස් .

:       54       52

lakvidu Wednesday, 23 December 2020 11:15 PM

හප්පා.., මගේ හිතේ තිබුණු ලොකු බරක්...!!!

:       0       0

සාරසී Wednesday, 23 December 2020 11:46 PM

පිරිමි අයට දඬුවම් ලැබෙන දවසට තමයි ඔය ව්‍යාපාරය නවතින්නේ. ඒක කරන්නේ නෑ කවදාවත්...

:       0       0

Sadis Thursday, 24 December 2020 01:33 AM

69 ලක්ෂෙට කොච්චර සේවයක්ද? ඒ තීන්දුව.

:       0       1

priyani Thursday, 24 December 2020 04:18 AM

කෝ අපේ අර ස්වාමීන් වහන්සේලා සෙට්එක? රට, ජාතිය, ආගම ඛෙරගන්න එන සෙට් එක... දැන් තේරෙනවනේ මෙ අය කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා..

:       0       5

Jayantha Thursday, 24 December 2020 05:20 AM

එළකිරි!!! අපි ජිනා’ මැඩම්ව වරාය නගරයේ අනාගත නගරාධිපති බවට පත් කරමු!!!

:       0       3

sirisena Thursday, 24 December 2020 06:27 AM

මැඩම් කියන්න ඈති, මාව හිරේ දෑම්මොත් ඔක්කොමලගේ රෙදි ගලවනවා කියලා.. ඒක නිසා මැඩම් නිදහස්...අපි ඉස්කොලෙ යන කාලේ ඉදන් ජීනා කරපු බිස්නස් එක. මෙයගේ කෙරුවාව මුලු රටම දන්නවා. පාලකයො, තීන්දු දෙන උදවියත් එනවා.. මේවා විහිලු හලෝ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31071 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13211 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 32 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site