IMG-LOGO

ජෝන් අමරතුංග වත්තලින් ඉවත් වෙන්න තීරණය කරයි

(නිමල කොඩිතුවක්කු)

තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙමින් තමන් එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අසවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ලංකාදිපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

තමන් වසර 41 ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බව පැවසූ අමරතුංග මහතා දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනිමට කාලය එළැඹ ඇතැයිද සඳහන් කළේය.

තමන් වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ විට පාක්ෂිකයන්ගෙන් එයට දැඩි විරෝධයක් එල්ල වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (25)

ජෝන් අමරතුංග වත්තලින් ඉවත් වෙන්න තීරණය කරයි

samare - handala Wednesday, 27 November 2019 01:11 PM

වත්තල ප්‍රදේශයේ කාන්තාවන්ගෙන් නම් බලවත් විරෝධයක් ඇතිවෙලා තියෙනවා මුන්නැහේ අාසන සංවිධායක කමින් ඉවත් වෙනවාට... ඒ වගේමයි පල්ලිය වත්ත පැත්තේ කට්ටියකුත් ඉන්නේ සතුටින් නොවෙයි ..අනේ අපේ දෙයියා...!!!

:       0       26

mihira Wednesday, 27 November 2019 01:26 PM

අනේ ලොකුදෙයක්... වසර 41ක් කරපු දෙයක් නැහැ. හිටියත් වැඩක් නෑ... සුබ ගමන් මහත්තයෝ...

:       138       331

gandhiThursday, 28 November 2019 07:22 AM

අනේ ලොකුදෙයක්... වසර 41ක් කරපු දෙයක් නැහැ. හිටියත් වැඩක් නෑ... සුබ ගමන් මහත්තයෝ... ඔබතුමා අපරාජිත දෙශපාලකයෙක් මෙවරත් වත්තල දිනාගත්තා. ඔය ටික මහතැනටත් කියන්න ආදර්ශමත් වෙන්න කියලා.

:       0       3

sandy123 Wednesday, 27 November 2019 01:38 PM

අනේද කියන්නේ? කොහොමත් ඊළඟ ඡන්දයදී නම් අැපත් නැහැ...

:       0       6

රවින් Wednesday, 27 November 2019 01:46 PM

එන පොට හොඳ නැහැ නේද? වේලාසනින්ම ජාමෙ බේරා ගත්තොත් ඇඟපතට හොඳයි නේද?

:       1       128

කපිල වසන්ත කුමාර Wednesday, 27 November 2019 02:11 PM

කොහොමත් ඔබතුමා ඊ ළඟ සැරේ ගෙදර තමයි. ඉවත් වුණත් නැතත්..

:       75       378

de silva Wednesday, 27 November 2019 02:30 PM

හොඳ තීරණයක්... හරිම සතුටුදායක පුවතක්..

:       37       373

lal Wednesday, 27 November 2019 03:22 PM

මොකටද තරුණයින්ට දෙන්නේ? මෙතුමා තාම තරුණයිනේ.

:       1       127

GuneWednesday, 27 November 2019 04:12 PM

එහෙම කියලයි අපිටත් ආරංචි...

:       2       32

Chathuri Wednesday, 27 November 2019 03:46 PM

බොහොම ස්තුතියි.. පක්ෂයේ අනිත් අයටත් කියන්න. මේ විදියට අයින්වෙන්න. ඒ වගේම බාරගන්න. තරුණ අයටත්, කියලා දෙන්න. මොන ප්‍රශ්න ආවත්, තමන්ගේ පක්ෂය රැකගන්න කියලා පක්ෂයෙන් කෑල්ලක් කඩාගෙන යන එක නෙමේ තේරුම කියලා, බලයට අාසයි නම්, හොඳ කොන්දක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. මෛත්‍රී වැනි තරුණයින් ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න. ඔවුන්ගේ කොන්ද පණ නැතිකමින් පක්ෂයට වෙන්නේ අවනම්බුවක්...

:       7       12

Chathuri Wednesday, 27 November 2019 03:46 PM

බොහොම ස්තුතියි... පක්ෂයේ අනිත් අයටත් කියන්න. මේ විදියට අයින්වෙන්න. ඒ වගේම බාරගන්න. තරුණ කළාටත්, කියලා දෙන්න.. මොනප්‍රශ්න ආවත්, තමන්ගේ පක්ෂය රැකගන්න කියලා පක්ෂයෙන් කෑල්ලක් කඩාගෙන යන එක නෙමේ තේරුම කියලා... බලයට අාසයි නම්, හොඳ කොන්දක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. මෛත්‍රී වැනි තරුණයින් ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න. ඔවුන්ගේ කොන්ද පණනැති කමින් පක්ෂයට වෙන්නේ අවනම්බුවක්...

:       88       19

Dasa P Wednesday, 27 November 2019 03:57 PM

බොහොම පින්... සහ සමාදානයේ සැතපේවා...!

:       2       710

Hafeel Wednesday, 27 November 2019 04:42 PM

අපරාදයි. ඇයි මෙච්චර ඉක්මනින් යන්නේ? හිටියා නම්, තරුණ කටයුතු ඇමති ධුරය හරි දරන්න තිබුණා...

:       14       68

RaveendraWednesday, 27 November 2019 10:20 PM

හෆීල්, ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මේ අපේ ජෝන් අයියට තව අවුරුදු 50ක් වත් ඇදගෙන යන්න පුළුවන් කඩවසම්, ජවසම්පන්න හාදය නොවැ... අනේ අපරාදේ ඇයි මේවගේ "තුන්ලෝකෙටම" ක්‍රියාශීලි තරුණයෙක් හදිස්සියේම පල්ලම් බහින්නේ මොකද කියලා...

:       28       20

jayasekaraThursday, 28 November 2019 07:05 AM

හෆීල්... දෙන්න ඕන "තරුණ ජවය නැංවීමේ " ඇමතිකම...

:       0       14

නිමල් Wednesday, 27 November 2019 11:22 PM

කොච්චර හොඳද? මේ කරන්නේ විශාල සේවයක්..!. යන්න තිබුණේ මීට මාස ගණනකට කලින්...

:       0       0

chandima Wednesday, 27 November 2019 11:38 PM

තව ටිකක් උන්නා නම් හෙලිකොප්ටරයකින් ගෞරවාන්විතව පාර්ලිමේන්තු යන්න තිබුණානේ? අපරාදේ අයින් වුනේ?

:       0       3

Lanka Thursday, 28 November 2019 01:41 AM

මොනවා වුණත් හොඳ තීරණයක්... ඔබතුමා අපරාජිත දෙශපාලකයෙක් මෙවරත් වත්තල දිනාගත්තා. ඔය ටික මහතැනටත් කියන්න ආදර්ශමත් වෙන්න කියලා.

:       0       19

උපුල Thursday, 28 November 2019 03:08 AM

යන්න ඉස්සරවෙලා අර කොළඹ හතේ වයසක යුවලගෙන් ගත්ත ගෙදර ඔවුන්ට නැවත බාර දීලා යන්න. අනේ දැන්මම යන්න.

:       7       37

vipula Thursday, 28 November 2019 03:26 AM

මේ අයගේ දේශපාලනය හරියට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ කලින් තිබුණු දේශපාලනය වගේ... මිනිස්සු පෙනෙන්නේ කම්කරු වහලුන් විදිහට...

:       0       1

sudda Thursday, 28 November 2019 03:40 AM

මොකටද අයින් වෙන්නේ..? මේ තරම් තරුණයෙක් මුළු පාර්ලිමේන්තුවේම නැහැනේ. තරුණ කටයුතු ඇමැතිකමට සුදුසුයි.

:       0       47

asoka Thursday, 28 November 2019 04:06 AM

දැන් තමන් කරපු වැඩ ආවර්ජනය කරන්න තමයි තියෙන්නේ..

:       0       23

Bamunuarachchi Thursday, 28 November 2019 06:01 AM

වත්තලින් අයින් වෙලා මීගමුවෙන් ඉල්ලන්නද දන්නේ නැහැ හදන්නේ...? එහෙමත් නැතිනම් හිතනවා ඇති ඝෝඨාභය සමග දඟලලා බෙල්ල කඩා ගන්නේ මොකටද කියලා...?

:       2       3

annThursday, 28 November 2019 08:49 AM

මීගමුවෙන් ආවත් එතුමා දිනනවා. මොකද මිගමුව කියන්නේ පාරම්පරික එජාප ආසනයක්. ගියපාර ලන්සලා දිනුවාට ආයේ .. දිනන්න ලැබෙන්නේ නැහැ.

:       134       1

BamunuarachchiThursday, 28 November 2019 02:09 PM

ඔහොම තමයි ඕගොල්ලෝ ජනාධිපතිවරනයෙදීත් හිතුවේ... ඔයගොල්ලෝ මොකද භාර්යාවත් ආර්යාව වුණා. ඔය වගේ බොහොම දේවල් ඔයගොල්ලෝ හිටපු මායා ලෝකේ සිදුවුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site