IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජොන්ස්ටන්ගේ පෙත්සමත් නොවැ 27 දාට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ඉවත දැමීමට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම නොවැම්බර් 27 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන ඇතොත් ඒවා නොවැම්බර් 13 වැනිදා ගොනු කරන ලෙස ද දෙපාර්ශවයට නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසම සහ නීතිපතිවරයා නම් කරනු ලැබීය.

මෙම ප‍්‍රතිශෝධන පෙත්සම කුමුදුනී වික‍්‍රමසිංහ සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

ප‍්‍රතිශෝධන පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සේවකයින් 153ක් ඔවුන්ගේ රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදවීම මඟින් රජයට කෝටි 4ක පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

එම චෝදනා පත‍්‍රය අල්ලස් පනතේ විධි විධානයන්ට අනුකූල නොවන බැවින් ඉවත දමන ලෙස ඉල්ලා පෙත්සම්කරු මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. එම විරෝධතාවය අධිකරණයෙන් ඉවත දැමිණි. ඉන්පසු ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එයද අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප කෙරිණි.

මින් අතෘප්තියට පත් පෙත්සම්කරු විසින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ විරෝධතාවය පිළි ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව ඉවත දැමීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.

 



අදහස් (1)

ජොන්ස්ටන්ගේ පෙත්සමත් නොවැ 27 දාට

Mahee Wednesday, 23 October 2019 11:57 AM

ඉතාම වාසනාවන්ත ඇමතිවරයෙක්. වෙලාවට නියම පැත්තට ආව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site