
එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවන ජනවාරි මුල් සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණිම ඉතා අධික බැවින් කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වෙතැයි කියමින් මෙම දැනුම් දීම කර ඇත.
නුවරඑළිය වතු ආශ්‍රිතව කොරෝනා පැතිරයාමේ අවදානම වැඩි බවත් ,මේ වන විට ඒවාට සුදුසු ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් කොරෝනා මර්ධන කමිටුව දන්වා තිබේ.
පවතින මෙම තත්වයන් අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසර ලබා වන්දනාවේ පැමිණයද කොරෝනා අවදානම් තත්ත්වය පහව නොයන බවද කමිටුව සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී පාදස්ථානයට ඇතුලු වීමට ඇති සෑම මාර්ගයක්ම එස්ටීඑෆ් විරුවන් යොදා අවහිර කරන්න. සියලුම නඩ ආපසු හරවා යවන්න. නැතිනම් අත්අඩංගුවට ගන්න.