IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යංශයට - වරායට කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල

(නිමන්ති රණසිංහ)

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සභාපති ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත.

ඔහුගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල මහතා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයකු වශයෙන් සේවය කර විශ‍්‍රාම ගිය නිලධාරියෙකි.

(විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා)

 

(කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා)



අදහස් (10)

ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යංශයට - වරායට කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල

Jude perera Friday, 18 June 2021 03:53 PM

දැන් හරි ඔක්කොම ඔහොම යන්කෝ... !!!

:       3       20

Nuwan Friday, 18 June 2021 04:01 PM

අපේ ජනවහරේ එන ඉඟුරු දීලා මිරිස් ගත්ත කතාව මතක් වුණා හාමුදුරුවනේ...!!! 

:       2       31

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 June 2021 04:18 PM

වරායේ එක්කෙනාව ගෙදර යවන්න ඕනෑ එකේ වෙනත් එකකට මාරුකරලා. අනිත් එකටත් පත්කර තියෙන්නේ හමුදාවේ කෙනෙක්. වරායේ කළ සේවයට වඩා වෙනත් දක්ෂ අය මේ තනතුරු වලට සිටිනවා ඇති. ඒත්, කරුමෙක මහත, ඒ සුදුස්සන්ට දේශපාලන සුදුසුකම නැහැ. කෝකටත් තෛලය වගේ රටේ මොනතරම් දක්ෂ සිවිල් පරිපාලන නිලධාරීන් සිටියදී හැමදේටම හමුදාවේ සිටි අයම පත් කරන්නේ මොන කරුමයකටද මන්දා.. හමුදාවේ පරිපාලන කටයුතු කරන අයට සිවිල් සමාජයේ පරිපාලන කටයුතු නිසි අයුරින් කිරීමට නොහැකි බව ඔවුන් විසින්ම මනාලෙස ඔප්පුකොට තිබියදීත්, ඒ තනතුරු සඳහා එවන් අයම පත්වන්නේ රටේම කරුමයට බව පෙනේ. පරිපාලන තනතුරු සඳහා හමුදාවේ අයව පත්කිරීම ගැන අප රටට ජ්‍යාත්‍යන්තරයෙන්ද, චෝදනා එල්ල වී තිබෙනවා. ඒත්, ඒ ගැන වගකියුත්තන් ඉන්නේ වගේ වගක් නැතිවයි...

:       85       293

නානායක්කාර Friday, 18 June 2021 04:33 PM

නැව ගිනි ගත්තාම සභාපති කමෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට... මෙතන වරදක් කළොත් කෙලින්ම ඇමැති කමකට. ඔහොම දිගටම යමුකෝ. සෞභාග්‍යය උතුරාවි....

:       52       88

gamiya Friday, 18 June 2021 05:29 PM

කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල කියන්නේ අවුරුදු 25ට වැඩිය කොළඹ වරායේ සේවය කළ කෙනෙක්... හිටපු හාබර් මාස්ටර්... වරාය ගැන දන්න කෙනෙක්...

:       4       53

ගැමුණු.Friday, 18 June 2021 06:31 PM

ඉතින් ඇයි ඔය 25 එක්කෙනාව අරයට කලින් පත් නොකළේ?. එහෙම කරන්න තිබුණානේ. මේ අයට වැඩියෙන්ම තියෙන්නේ දේශපාලන සුදුසුකම්. අනික දැන් කව්රු පත් කළත්, වෙන්න ඕනෑ පරිසර විනාශය වුණා. මොනතරම් උඩ පැන්නත්, ඒක ආපසු හරවන්නට කිසිසේත් බැහැ.

:       20       83

Demuni Uduwara Friday, 18 June 2021 11:48 PM

ජනපති වගේම හමුදාපතිත් දැන් ෆේල් වගේ...

:       0       2

Bishan Friday, 18 June 2021 11:59 PM

හැමදේම මිලිටරිකරණය කරන්න ගිහින් අන්තිමට ගොන් වෙන්න යන්නේ

:       0       4

anura Saturday, 19 June 2021 04:07 AM

මෙයා වරායේ වැඩකලේ ඒකාධිපතියෙකු වගේ... සමහර දූෂිත වෘත්තිය සමිති කාරයින්ගේ කේලම් අසමින්... වරායේ සේවය කළ දක්ෂ වෛද්‍යවරියන් දෙදෙනෙක් ඔහුගේ කාලයේදී රැකියාවෙන් පහකළා. ඔවුන්ව නැවත වරායේම සේවයේ පිහිටුවිය යුතුයි. ඔහු තව මාස 02ක් වරායේ සිටියා නම් අනිවාර්යයෙන්ම සේවකයින්ගෙන් ගුටි කනවා. එ් බව දැනගත් රාජපක්ෂලා වෙන අමාත්‍යංශයකට දැම්මා.

:       0       1

de silva Saturday, 19 June 2021 05:06 PM

කර්මාන්ත අමාත්‍යාංශයත් විනාශ වේවි.. සර්ගේ ගෝලයින් රොත්තම ෆේල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site