(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අතර හමුවක් හෙට (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හමු වූහ.
මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි චීන තානාපතිවරයා ඔවුන් හමු වූ බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් කියැවිණි.
ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන්, යුරෝපා සංගම් තානාපති තුන්ග් ලා මා, එක්සත් රාජධානිය, කැනඩාව , ඉන්දියාව යන මහ කොමසාරිස් කාර්යාලවල නිලධාරීන් සහ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර හමුවක් ද පැවැත්විණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජනපති හා තානාපතිවරු - මහ කොමසාරිස්වරු අතර හමුවක් හෙට