(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමේ සූදානමින් පසුවන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ලංකාදීපයට පැවසීය.
දෙමළ ජනතාවගේ නිරන්තර ගැටළු සහ ඒවා නිරාකරණය කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
ජනාධිපතිවරයා සමගින් සිදුකරන මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රීත්වයෙහිම නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවද හෙතෙම කීය.
රටේ සෑම ජනතාවකගේම අර්බුද හඳුනාගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවට සහ සෑම ජාතියකටම සම අයිතියක් ලබා දෙන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.ජනපතිවරයාගේ එම ප්‍රකාශය සහ ස්ථාවරය නිසාවෙන් දෙමළ ජනතාවගේ ගැටළු ගැන සාකච්ඡා කරන්න දෙමළ ජාතික සන්ධානය එතුමන්ව මුණගැසෙනවා යැයිද මන්ත්‍රිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිල්ලා නොන්ඩි වෙන්න එපා.
හරි ෂෝක්නේ... ප්‍රශ්න විසඳගන්න එතුමාට කියලා එතුමාට සලකපු විදිහ.... මෙච්චර කාලයක් සිංහලයන් සැලකුවේ සහෝදරත්වයේ දෑත් දිගු කරලා.
මොකද බැටරි බැහැලා වගේ.
නරකද සජිත් හම්බ වුනොත්.
දෙමළ සංධානය හා මුස්ලිම් දේශපාලන පක්ෂ සමග කිසිම සාකච්චාවක් ජනපතිවරයා ලබා දීම නොකරනු ඇති බලාපොරොත්තු වෙමු. ඉදිරි වැඩපිළිවෙල් සදහා දෙමළ සංධානය හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිසි විටක හවුල් කර නොගන්නැයි ඉල්ලා සිටිමි. මුළු මහත් සිංහල ජනතාවගේ බලාපොරොත්තු ජනපතිවරයා ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමු
ජනපති හමුවී දැන් මොනවා සාකච්ඡා කරන්නද ? මහා ඡන්දෙ ඉලක්ක කරගෙන ඉල්ලීම් දමන්නද කල්පනාව ?
ලැජ්ජාවක් ඇත්තේම නැද්ද මේ අයට
ශරියා නැති, තේසවලාමේ නීති නැති හැමෝටම එක නීතියක් යටතේ රටේ ඕන තැනක ඉඩම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් ඒකීය රටක් තේමාව යටතේ සුහද සාකච්චාවක් සඳහා අපේ සුභ පැතුම්
මේගොල්ලෝ ටික ටික තම ගොඩ වැඩි කරගෙන රට බෙදිල්ල ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. එම නිසා ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් වීමට ඉඩ සලසනවා හැරෙන්නට වෙන කිසිම ඉල්ලීමක් ගැන සලකා නොබැලිය යුතුයි.
තම රටට හිතකර නොමැති කිසිම ඉල්ලීමක් නොදිය යුතු ය.
සිහින ෆැන්ටසි අතහැර දෙමල ජනයාට බලපාන පොදු ගැටළු පිළිබදව සාකච්චා කරන්නේ නම් පමනක් සහ ඔවුන් දෙමල ජනයාගේ එකම නියෝජිතයින් සේ නොසලකා අනිත් දෙමල නියෝජිතයින් ඇතුලත් වන්නේනම් පමණක් සාකච්චා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි .
එදා මැතිවරණය වෙලාවේ කට්ටියක් හිතුවේ මේක ඒ අයටම ගිය රට කියලා. අපිට ජාතිවාදයක් නැහැ. ඔන්න ඔහොම එන්න. සාමාන්‍යය ජනතාව තුල ජාතිවාදී විශබීජ පතුරවලා දේශපාලන වාසි ගන්නේ නැතුව අවංකවම දමිළ මිනිස්සුන්ට සේවය කරන්න හිතට ගත්තොත් ලොකු දෙයක්.
දෙමළ වර්ගයා ගැන විතරක් සාකච්චා කරන්නේ වර්ගවාදී දේශපාලකයන් නිසා නේද?