(ඩයනා උදයංගනී)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (28) දහවල් ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම විදේශ සංචාරය ද මෙය වේ.
ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට ද නියමිතය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර,විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද මෙම චාරිකාවට එක් වෙති.
COMMENTS
සුබගමන්...!!!
ඉන්දියාව ඔක්කෝටම කලින් අපට ආරාධනා කළේ ඇයි කියන එක අපේ නායකයින් හොඳින්ම දන්නවා ඇතිනේ... ඒ හින්දා ඉන්දියාව, චීනය සහ ඇමරිකාව ඇතුළු බලවතුන් අතරින් සීරිමක්වත් නැතුව රිංගගෙන ආපසු එන්න මේ යන බුද්ධිමත් පිරිසට හැකිවේවායි පතනවා.
ඒ ගමන්ම අර ඔයගොල්ලන් යන කෝවිලට ගිහිල්ලා ලොකු පූජාවක් දෙන්න අමතක කරන්න එපා.
පරිස්සමින් ගිහින් එන්න.. හතුරෝ හැමතැනම බව මතක තියාගන්න.