(පාලිත ආරියවංශ)
ජනාධිපතිවරයා සහ ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් යැයි තමා නොසිතන බවත් සජිත් ප්‍රේමදාස මහතාට යම් යම් ක්ෂේත්‍රයන් බාරදුන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව ඇති වූ අගැයීම හේතුවෙන් මේ ප්‍රේමය ඇති වී ඇතැයි තමා සිතන බවත් ඩිලාන් පෙරේරා මහතා අද (16) බදුල්ලේදී පැවසීය.
ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවැසීය.
ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් මෙසේද කීය.
‘‘යම්කිසි කෙනෙක් හිතනවානම් දේශපාලන වශයෙන් සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන කියන මේ සුසංයෝගය පිළිබඳව බලාපොරොත්තු තියාගන්න ඒ සිහිනය කවදාවත් සැබෑවෙන්නේ නැහැ .
ගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන සුසංයෝගය තමයි මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කළේ .
ඒ සුසංයෝගය හරහා බිහිවන අලුත් ජනාධිපතිවරයෙක් හෝ ඉන්න ජනාධිපතිවරයා කියන කාරණය සැබෑවීම තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ.
හැබැයි මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාවයෙන් ඇතිවන මහා දේශපාලන ව්‍යාපාරය තුළින් මේ රටේ පාලකයා බිහිවන්නේ.
ඒ නිසා මෛත්‍රී - සජිත් යුගයක් පිළිබඳව සිහිනය මහ පොළවේ පැල නොවන දේශපාලන යථාර්ථයක්.
බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පෙහොට්ටුවේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ මා සාකච්චාවක් පැවැත්වුවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒ හැදෙන මහා සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ ඇතුලු සන්ධානයේ නායකයන් එකතුවෙලා නම් කළාට පස්සේ ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනා පෙනී සිටිනවා.
මේ සඳහා එජාපයට විරුද්ධ සියලු පක්ෂ හා සංවිධාන ප්‍රගතිශීලීන් ඒක රාශි කරගෙන යූඑන්පී විරෝධී ව ඉදිරිපත් කරන අපේක්ෂකයා වටා පෙළ ගැහෙනවා.
අපේක්ෂකයා කවුද කියන එකට අපි හොටදාන්න ඕන නැහැ. ඒකට නායකයෝ ඉන්නවානේ. අපේක්ෂයා කවුද කියන එක තෝරාගන්න මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ගම්මන්පිළ, තොන්ඩමන්ලා, සුපර් මෑන්ලා, වොන්ඩර්මෑන්ලා යන අය එකතුවෙලා නම්කරලා දෙයි.
ඒ නම් කරන අපේක්ෂකයා කවුද ඔහු හෝ ඇය වටා කොන්දේසි විරහිතව ඒකරාශි වෙන්න තීරණය කර තිබෙනවා‘‘ යැයිද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද? දැන් ඔබට බාරදුන් කාර්යයන් හරි හැටි කෙරුනාද? ඇයි අනික් කට්ටිය ගැන විතරක් කතා? ඔය කොයි කොයි අය ගැනත් ජනතාව දැන් වටහාගෙන ඉවරයි.
එජාප ඡන්ද ආධාරයෙන් දිනන අය එජාපයට විරුද්ධව තමයි ක්‍රියාත්මක වුනේ. එය නැවතත් ක්‍රියාත්මක කිරීමට සුදානමක්. මේ යාළුකම් ගනුදෙනු සැක සහිතයි. මෙවරත් එජාප ඡන්ද අපතේ යන ලකුණු.
නොලියා ඉන්න මටත් ලියන්න හිත බලකලා.
ඔය පක්ෂ නායකයෝ නමට පමණයි, අපේක්ෂකයා කව්ද කියලා තීරණය කරන්නේ රාජපක්ෂ පවුල විසින්, ඔය නායකයන්ට එයට එහා හිතලා බලන්නවත් බැහැ.
ආයෙත් රටවිරු ස්ටාර් නටන්න වගේ කල්පනාව. අපි සල්ලි දෙනවනේ
අරයට උදව් කරපු දේශපාලුවන් සහ නිලධාරීන් අමාරුවේ වැටුනා මිසක් ගොඩ ගියේ නම් නැත. උදාහරණ දින සීයේ ආන්ඩුවට ප්ලග් වුන ශ්‍රිලනිපයේ බොහෝදෙනා මහඡන්දෙන් පැරදිනි. කාරයමන්ඩල ලොක්කා අහක යන කුනුගොඩක් නිසා අල්ලස් නඩුවක පැටලිනි. මේ ආන්ඩුවට ප්ලග් වී ආයෙත් එලියට බැස්ස බොහෝ ශ්‍රිලනිප මන්ත්‍රීලා ඊලග මහඡන්දෙන් ගෙදරම යනු ඇත. අරයව බේරගන්න උත්තර දෙන්න ගොස් ආරක්ෂාව සම්බන්ධ ලොකු ලොක්කෝ දෙන්නෙක්ම ඉල්ලන් පරිප්පු කමින් සිටී.
මෙය රනිල්ට ගහන්න ඇතිවුණු ප්‍රේමයක්. වෙන කිසිම දෙයක් නිසා ඇතිවුණු ප්‍රේමයක්.
බොරුවට මහන්සි වෙන්න එපා අපේක්ෂකයෝ තෝරලා .. ඔය කාටවත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ ඔබලාගේ බත් බැලයෝ වහල්ලු ටිකක් හැරුණු කොට , දැන දැන අහිංසකයෝ 300ක් මරාගත්ත එක අදටත් තවත් දිනපතා මැරෙන එක කවදාවත් අමතකකරන්නේ නැහැ
ඔබත් ඒ වගේ ප්‍රේම නේද කරන්නේ? අපේ රටේ දැන් ඔය ජාතියේ ප්‍රේම කරන්න අවසරද? පිට රටවල නම් කරනවා.
ඒ නම් කරන අපේක්ෂකයා කවුද? ඔහු හෝ ඇය වටා කොන්දේසි විරහිතව ඒකරාශි වෙන්න තීරණය කර තිබෙනවා‘‘ යැයිද ඒ මහතා පැවසීය. හරියට මෙයාලා කතා කරන්නේ ඡන්ද දායකයා මෙයලගේ අතේ ඉන්නවා වගේ... අපේ මෝඩ ජනතාව නම් කොන්දේසි විරහිතව ඒකරාශී වේවි.. නමුත් මේ කුහක දේශපාලකයින් නම් මොනම දේකට හරි කිසිම කොන්දේසියක් නැතිව එකඟ වෙනවා කියලා කියනවා නම් ඒක නම් ඉතින් පුදුමයක්.. හැබැයි මොන පක්ෂයේ මොන පාට වුණත් අදාලම නෑ. දැන්ඉන්න අලුත් පරම්පරාවට ඔවුන්ට හිතුණොත් ඔය ඔක්කොම ගෙදර යවන තත්වයට වැඩ කටයුතු සිද්ද වේවි මේ යන විදියට... ඒ කාලය වැඩි ඈතක නම් නෙමේ කියලා පේනවා. ඉස්සර වගේ කැපුවත් කොල, කපුවත් නිල්, රතු සාටක මේ හැම කැපුවත් රතු, එහෙම කියපු පරම්පරාව දැන් අඩුවේගෙන එන්නේ... තරුණ පරම්පරාව හොයන්නේ ඒ ඒ ක්ෂේත්‍රවලට දක්ෂම පුද්ගලයින්... එහෙම නැතුව ඉස්සර වගේ පරම්පරාවෙන් එන එන පක්ෂයට කතිර මනාප ගහපු කාලෙ නම් ඉවරයි පුතෝ... තවමත් ඒ පරණ උදවියගෙන් පැවතඑන කොට්ඨාශයක් ඉන්නවා. ඒ කට්ටියත් ඉවර වුණාම ඔය පාදඩ මජර දේශපලකයෝ ඔක්කෝටම විශ්‍රාමයන්න පුළුවනි.
ඔබතුමාට ගියවර මිනිස්සු මනාපේ ගහපු නැති නිසා සිදුවුණා පින් මන්ත්‍රීකමක් අරගෙන පාර්ලිමේන්තුවට එන්න. ලබන වරත් ඔබතුමා පරදිනවා. එක එක්කෙනාගේ ප්‍රේමකතා වලින් අපට වැඩක් නැත...
දවල් හීන දකින්න කාටත් අයිතියක් තියෙනවා. මේ මහත්තයා බලාපොරොත්තුවෙන අපේක්ෂකයා හෘදයාබාධයක් නිසා ශල්‍යකර්මයකට භාජනය වෙලා රෝහලට වෙලා ඉන්නවා කියලයි ආරංචි. ජීවිතේ යථා තත්වයට පත්වෙන්න මාස තුනක්වත් යයිලු. අද එයාගේ නීතිඥ කණ්ඩායම එක්ක කතා බස් කරනවලු රටේ ඇති වාතාවරණය සුභදායකද? නැද්ද? කියන එක ගැන... හරි ගියොත් එහෙමයි, නැත්නම් ලොකු අයියාගේ සරණයි කියලයි කියන්නේ...
8 පාස් හා 10පාස් මොලේ කළඳක් නැති දේශපාලුවන් දෙදෙනෙක්..