(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් එක්සත් ජාතික පක්ෂයට, පක්ෂ නායකත්වයට සහ එ.ජා.ප ඇමතිවරුන්ට එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ජනාධිපතිවරයා එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නිවැරදි තත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ඉදිරියේදී සවිස්තරව ප‍්‍රකාශ කරන බවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පැවැසීය.
COMMENTS
අමුතු කතා ඕනේ නැත. එය ජනාධිපති කතාවෙන් තහවුරු උනා.
ජනාධිපතිවරයා කරපු කතාව අහගෙන හිටපු කී දෙනෙක් ඒක විශ්වාස කරාද කීමට අපහසුයි. එයට හේතුව හිතන්න බැරි දේවල් බොහොම දෙයක් එහි අඩංගු වී තිබීමයි! වසර තුනහමාරක් මේ තත්වය යටතේ එයා රනිල් මැතිතුමාගේ නායකත්වය යටතේ දීග කෑම කරගෙන ගියේ මොන හේතුවකටද කියන එක මහජනයාට තේරුම් කරදීමට ඔහුට බැරි වුණා එම දේශනාවෙන්. මහින්දට එරෙහිව ඔහු කරපු අධි චෝදනා මහින්ද සමහරවිට පුවත්පත් මගින් දැන නොගත්තා කියන්නත් බැහැ! දැන් ඔහු එවැනිම බහුබූත දේවල් රනිල්ටත්, එජාපයටත් එරෙහිව කර තිබෙනවා. එමෙන්ම, ඔහුගේ අනාගත දේශපාලන මාවත ඉන් පැහැදිලිවම ජනතාවට තේරුම් ගිය නිසාය. පොහොට්ටු පක්ෂය හෝ එයා ලංකර ගැනීමට බලාපොරොත්තුවන වෙනත් පක්ෂ නිසා ඔහුට "අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් " අහිමිවී දේශපාලන දිනයෙන් තොලොන්ජි වෙන දිනය වැඩි ඈතක නොවෙන්නත් පුළුවන්! හැකි ඉක්මනින් ජනපති කතාවට පිළිතුරු, ජනපතිට තේරෙන බසකින් පැහැදිලි කිරීමක් කරොත් එය මුළු රටටම යහපතකි.
තව මොනවද ප්‍රතික්ෂේප කරන්නේ ජනාධිපති තුමා කීදේවල් රටේ සිදුවී ඇති බව අපි දැක්කා. දැන් අපි නුඹලාව ප්‍රතික්ෂේප කරනවා.
ජනාධිපතිවරයා කරපු කතාව අහගෙන හිටපු කී දෙනෙක් ඒක විශ්වාස කරාද කීමට අපහසුයිලු. අපි මේ රටේ ජීවත්වෙන්නේ. අපි දන්නවා රටේ දේවල් සිදුවුනේ කොහොමද කියලා අපට තිබුනේ මේ රටේ සිදුවුණ අපි දන්නා දේවල් තහවුරු කරන්න කෙනෙක් නැතිවීමයි. උදාහරණයක් ලෙස අල්ලස් කොමිසම සංශෝධනය දින නියමයක් නොමැතිව කල්ගියා කියන එක පත්තරවල අපි කියෙව්වා. නමුත් එය කව්රුවත් තහවුරු කලේ නැත. දැන් අපි දන්නා දේ තහවුරු වුණා. ඉතා සුළු කීප දෙනෙක් අරලියගහමන්දිරේදී රට වෙනුවෙන් තීරණ ගන්න බව අපි දන්නවා දැන් තමයි ඒවා තහවුරු වුනේ. එම නිසා ජනාධිපති කියපුවා 100% විශ්වාස කරනවා.