(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පුත්තලම පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩාවැදීමට සුදානම් වූ විරෝධතාවය මෙහෙයවූ ප්‍රාදේශීය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා පැවසීය.
මෙම පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් පරික්ෂවරුන් සහ උප පොලිස්වරුන් ඇතුළු විශේෂ කණ්ඩායම් කීපයක් යොදවා හඳුනාගෙන ඇති බවත් ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අධිකාරිවරයා පැවසීය.
මෙම සැකකරුවන් ඇතුළු පිරිස් පසුගිය 22 වැනිදා අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වා ජනාධිපතිවරයා පුත්තලමට පැමිණි අවස්ථාවේදී සාකච්ඡා සඳහා හමුවිය යුතු බව දන්වා මෙසේ විරෝධතාවයේ යෙදී තිබිණි.
එම විරෝධතාවය පැය හතරකට ආසන්න කාලයක් නගරය පුරා පැවති අතර පසුව ජනාධිපතිවරයා හමුවීමට මෙම විරෝධතාකරුවන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබිණි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීමට කඩා වැදීමට සුදානම් වූ අවස්ථාවේ දී පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරමින් පලවා හැරීමට කටයුතු කර තිබු බව පොලිසිය පවසයි.
මෙම විරෝධතාවයට එක්වූ පිරිස අතරින් එය මෙහෙය වීමට කටයුතු කළ ප්‍රධාන සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගැණිනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විඩියෝ දර්ශන සහ තවත් සාක්ෂි රැසක් උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර සිටින දේශපාලඥයින් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අතර අනෙක් තැනැත්තා පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති විරෝධය මෙහෙයවූ දේශපාලනඥයන් දෙදෙනෙකු සොයයි
Bamunuarachchi Monday, 25 March 2019 07:51 AM
ඇයි ජනාධිපතිට විරෝදය දක්වන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ තහනම්ද?
KANDEPOLA Monday, 25 March 2019 09:07 AM
එතකොට දැන් මෙතන උල්ලංඝනය වෙලා තියෙන්නේ ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියද ? ජනාධිපතිගේ ඇඟ බේරා ගැනීමේ අයිතියද ? මොකක්ද ?
සිරිබිරිස් Monday, 25 March 2019 09:21 AM
2015 ජනවාරි 8 වැනිදාට පෙර මෙහෙමවත් විරෝධතා කරන්න පුලුවන්කම තිබුනද
Jehaan Monday, 25 March 2019 10:59 AM
විරෝධතා දක්වන්න තහනම් නම් , දැන් එතකොට විරුද්ධව ඡන්දය දෙන මිනිස්සුන්ගේ ගෙවල්වලට කඩා පැනලා පරීක්ෂණ පවත්වනවාද . එහෙම නම් ඉදිරි ඡන්දයකදී හැම ගෙදරටම කඩා පැනලා පරීක්ෂණ කරන්න වෙන බව දැන්මම මතක් කර ගන්න.