IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනපති විරෝධය මෙහෙයවූ දේශපාලනඥයන් දෙදෙනෙකු සොයයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පුත්තලම පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩාවැදීමට සුදානම් වූ විරෝධතාවය මෙහෙයවූ ප්‍රාදේශීය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව පුත්තලම කොඨඨාස බාර  පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා පැවසීය.

මෙම පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් පරික්ෂවරුන් සහ උප පොලිස්වරුන් ඇතුළු විශේෂ කණ්ඩායම් කීපයක් යොදවා හඳුනාගෙන ඇති බවත් ඒ අනුව අදාළ සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට අදාළ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අධිකාරිවරයා පැවසීය. 

මෙම සැකකරුවන් ඇතුළු පිරිස් පසුගිය 22  වැනිදා අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වා ජනාධිපතිවරයා පුත්තලමට පැමිණි අවස්ථාවේදී සාකච්ඡා සඳහා හමුවිය යුතු බව දන්වා මෙසේ විරෝධතාවයේ යෙදී තිබිණි. 

එම විරෝධතාවය පැය හතරකට ආසන්න කාලයක් නගරය පුරා පැවති අතර පසුව ජනාධිපතිවරයා හමුවීමට මෙම විරෝධතාකරුවන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබිණි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීමට කඩා වැදීමට සුදානම් වූ අවස්ථාවේ දී පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරමින් පලවා හැරීමට කටයුතු  කර තිබු බව පොලිසිය පවසයි. 

මෙම විරෝධතාවයට එක්වූ පිරිස අතරින් එය මෙහෙය වීමට කටයුතු කළ ප්‍රධාන සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගැණිනි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විඩියෝ දර්ශන සහ තවත් සාක්ෂි රැසක් උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. 

අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර සිටින දේශපාලඥයින් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අතර අනෙක් තැනැත්තා පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වන බව පොලිසිය පවසයි. 



අදහස් (4)

ජනපති විරෝධය මෙහෙයවූ දේශපාලනඥයන් දෙදෙනෙකු සොයයි

Bamunuarachchi Monday, 25 March 2019 07:51 AM

ඇයි ජනාධිපතිට විරෝදය දක්වන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ තහනම්ද?

:       1       179

KANDEPOLA Monday, 25 March 2019 09:07 AM

එතකොට දැන් මෙතන උල්ලංඝනය වෙලා තියෙන්නේ ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියද ? ජනාධිපතිගේ ඇඟ බේරා ගැනීමේ අයිතියද ? මොකක්ද ?

:       0       15

සිරිබිරිස් Monday, 25 March 2019 09:21 AM

2015 ජනවාරි 8 වැනිදාට පෙර මෙහෙමවත් විරෝධතා කරන්න පුලුවන්කම තිබුනද

:       0       0

Jehaan Monday, 25 March 2019 10:59 AM

විරෝධතා දක්වන්න තහනම් නම් , දැන් එතකොට විරුද්ධව ඡන්දය දෙන මිනිස්සුන්ගේ ගෙවල්වලට කඩා පැනලා පරීක්ෂණ පවත්වනවාද . එහෙම නම් ඉදිරි ඡන්දයකදී හැම ගෙදරටම කඩා පැනලා පරීක්ෂණ කරන්න වෙන බව දැන්මම මතක් කර ගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 223 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site