IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති ලබන මාසයේ චීනයේ සංචාරයක

(නාලක සංජීව දහනායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය.

චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය.

තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සහ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තමන් මීට පෙර චීනයේ සංචාරය කළ බවත් කිසිවිටෙකත් චීනය තමන්ට ආගන්තුක නොවන බවත් ජනාධිපතිවරයා එහිදී චීන විදේශ අමාත්‍යවරයාට පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය මෙය වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත විය.



අදහස් (6)

ජනපති ලබන මාසයේ චීනයේ සංචාරයක

Lakshitha Wednesday, 15 January 2020 11:37 AM

සුබගමන් ඔබට ජනාධිපතිතුමනි, දේශය වෙනුවෙන් යුගමෙහෙවරක් කිරීම සඳහා ඔබතුමාට ධෛර්යය සහ ශක්තිය නොඅඩුව ලැබේවා...!!! ශ්‍රී ලංකා දේශපාලනයේ කිලිටි නොවූ එකම නිර්භීත චරිතය සහ නායකත්වය ඔබයි. ඔබ අවට සිටින සියලුදෙනාගෙන් ආරක්ෂාවී රට සහ ජනතාව වෙනුවෙන් සේවය කරනු දැක්ම අපේ එකම අපේක්ෂාවයි. ඔබතුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා... !!!

:       554       531

athulaWednesday, 15 January 2020 12:31 PM

කිලිටි නොවූ, අත්කොට මිග් හොරකම, ඇවන්ට් ගාඩ්, වංචාව, සුදු වෑන්වලින් මිනිස්සු පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ අපිද? බම්බුව තමයි.., අඩුතරමේ මා හිතුවා මොනදේ කළත් කියපු විදිහට අඩුම තරමේ දේශපාලන තනතුරු වලවත් වෙනසක් කරාවි කියලා කෝ කියපු දේවල්... දැන් සිවාජිලිංගම් යාපනයේ හිරගෙදර ඉස්සරහ තිබුණු සංඝමිත්තා පිළිරුව සහ දේවානම්පියතිස්ස රජතුමාගේ පිළිරුව කඩා අයින් කරනකොට කොහෙද හිටියේ? දැන් කියපු අන්තවාදීන්ව ඇල්ලුවද? දැන් රට විකුණන එක නතර කළාද? රනිල් කරපු එකම දිගටම...

:       620       538

CHANDIMAWednesday, 15 January 2020 01:47 PM

ඉතින් වැඩේ පටන්ගත්තු කෙනාට සුදුහුණු ගාලා දිගටම කරගෙන ගිය කෙනාට බැනලා වැඩක් තියෙනවද?

:       13       57

LakshithaThursday, 16 January 2020 03:51 AM

හිතවත් අතුල ඔබේ ප්‍රතිචාරය ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම සිදුවුනේ මෙතුමා අතින් නම් ඇයි රනිල් සහ සිරිසේන ආණ්ඩුවෙන් නීතිය ක්‍රියාත්මක නොවුනේ? අනික මෙතුමා නෙමෙයි එදා රටේ රාජ්‍ය නායකයා. මෙතුමා එකල තවත් රාජ්‍ය සේවකයෙක් පමණයි. රාජපක්ෂ අනුස්මරණ චෝදනාවෙන් මෙතුමා නිදොස්කොට නිදහස් වූවා. අනික් චෝදනාවලට වෙනත් අය සම්බන්ධයි. මෙතුමාගේ කරපිටින් යවන්න හුඟක් අය උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ. සුදු වෑන් කතාවත් ඒ වගේම තමයි.

:       5       127

Neela Wednesday, 15 January 2020 11:40 PM

තව මොනවහරි විකුනන්න වගේ යන්නේ. කොළඹින් නෙමෙයි මැදමුලනෙන් විකුනන්න. මෙහෙ චීන්නු වැහි වැහලා.

:       41       49

Amula Thursday, 16 January 2020 04:19 AM

චීනෙන් ඇවිත් කියන්න ඇති මේ දේවල්වලට කැමති මොකද කියලා.. ඒක තහවුරු කරන්න තමයි යන්නේ..

:       21       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site