IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජනපති, මන්ත්‍රී විශ්‍රාමයට සීමා වැටෙන පනත ලබන වසර මුල මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයාට සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත්  පාර්ලිමේන්තුවට ලබන වසර මුල ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර 10 ක් දක්වා දීර්ඝ කිරීම සඳහාවූ යෝජනාවක්  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය යෝජනාවලියට ඇතුළත්  කර  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් අනිවාර්යෙන්ම එම විශ්‍රාම වැටුප් පිළිබඳ පනත් සංශෝධනයට ලක් කළ යුතු වන  බවය.

ඊට  ප්‍රථම  එම පනත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය ලබා ගත යුතුවන අතර  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය එසේ ලබා ගැනීමද  ලබන මාසයේදී   සිදු කෙරෙනු ඇතැයි  එම   ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර  විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහයක් දක්වා දීර්ඝ කිරීමට සූදානම් වීම ගැන  පාර්ලිමේන්තුවේ  පසුපෙළ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ  අප්‍රසාදය පළ වී ඇතැයි  දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන්  එම මන්ත්‍රීවරුන් රජයේ බලධාරීන්ට දැනටමත්  සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (6)

ජනපති, මන්ත්‍රී විශ්‍රාමයට සීමා වැටෙන පනත ලබන වසර මුල මැතිසබයට

Hafeel Saturday, 20 November 2021 02:59 PM

මේ ජනාධිපති, මන්ත්‍රී විශ්‍රාම වැටුප නැත්තටම නැති කරන්න ඕනේ. ජනතා සේවයට කියලා ඇවිල්ලා ජනතාවට බර පටවනවා. මේවා ජේ.ආර්ගේ කාලේ කරපු දේවල්... නමුත් විජේතුංග හිටපු ජනාධිපති නම් විශ්‍රාම ගියායින් පසු නිල නිවාසේ හිටියේ නැහැ.

:       1       12

ගමේ එකාලා Saturday, 20 November 2021 04:21 PM

හොරකමින්, වංචාවෙන්, දූෂණයෙන්, පරම්පරා හත අටකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු අයත් ඔය අතර ඉන්නවා. දූෂිත දේශපාලුවන්ට මොකටද තව විශ්‍රාම වැටුප් ?

:       0       0

gamunu Saturday, 20 November 2021 07:43 PM

ජනපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර 10 ක් දක්වා දීර්ඝ කිරීම පමණක් නොව ජනපතිවරයාට තනතුරෙන් ඉවත් වීමෙන් පසු නිවසක් සහ එම නිවාස රජයේ බදු මුදලින් නඩත්තු කිරීමද ඇතුළත් විය යුතුවේ. ඔවුන් ගේ අදායම් පිළිබඳව සොයා බලා එම තීරණය ගත යුතුවේ. මෙම තීරණ සියලු පාලනයේ සිටි ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වර්තමානයේ සිටින බිරින්දෑවරුන්ටද අදාල විය යුතුවේ... මාධ්‍ය ඉදිරියේ ජනතාවගේ දුක් ගැටළු පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන ඔවුන් විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ බදු මුදලින් නඩත්තුවන්නා වූ පුද්ගලයින් බවට පත්කර ගැනීමට අවශ්‍ය තත්වයක් නොමැත...

:       0       1

Prasad Sandaruwan Hettiarachchie Sunday, 21 November 2021 02:52 AM

අවුරුදු ගනනක් වැඩ කරලත් ගෙයක් දොරක් හදාගන්න බැරි රජ්‍ය සේවකයො ඉන්න රටක​,දේශ පාලකයො විශ්‍රාම ගියාම ඉන්න නිල නිවසකුත්,මේ මොන නාඩගම් ද​? මේ අය දේශපාලනයට එන්නෙ උන් හිටි තැන් විකුනලාද ,නැත්නම් මේ අය අවතැන් වුනාද​. මේ ඔක්කොම මහජන් බදු මුදල්,මෙහෙම අපරාධ කරන්න දෙන්නෙ ඇයි? ඇයි ජනමාධ්‍යයෙන් මේ පිලිබඳ පුලුළ් මහජන විරොධයක් ඇති කරන්න බැරි.

:       0       1

dasa Sunday, 21 November 2021 07:29 AM

මුන් හොරා කැපුවා දාන්න ඉඩ මදි .මුන්ට සතයක් වත් නොදී මුන් හොරා කාපුවා ගනිල්ලා

:       0       0

Lalith M Monday, 22 November 2021 07:13 AM

තනතුර අහිමිවන සෑම තරාතිරමකම දේශපාලකයකුට දීමනා නිවාස කාර්ය මණ්ඩල අතීතයටද බලපාන ලෙස අහිමි කල යුතුය. ඔවුන් ආවේ ගරු සේවය සඳහා මිස ජීවනෝපාය හෝ වෘත්තීය සඳහා නොවන නිසාය. දේශපාලනය නමින් වෘත්තීයක් ලංකාවේ නැත......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 394 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site