හර්ෂණ තුෂාර සිල්වා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ රෝ ආයතනය තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත ඇතුළු මාධ්‍ය කිහිපයක්ම අද (17) වාර්තා කර තිබිණි.
එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළ බව ද එම පුවත් වාර්තාවල දැක්විණි.
දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අද (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට තිබුණු පලියට ගොන් කතා කියන්න එපා කියන්න ඇති....
කෝටි 150කට අධික ජනතාවක් වෙසෙන ඉන්දියාවට කෝටි දෙකක් පමන ජනතාවක් වෙසෙන ලංකාව හොඳ වෙළඳපලක්. අැත්තම කිව්වොත් අපි ඉන්දියානු ජනතාවගෙන් කෝටි හතරක්වත් බලා ගන්නවා. මෙවන් තත්වයක් තුල ඉන්දියාව අපට ස්වයංපෝෂිත වීමට හෝ සංවර්ධනය වීමට කිසිලෙසකින් ඉඩ තබන්නේ නැත.සංවර්ධනය වීමට ඉඩ දෙන්නේ ඔවුන්ගෙන් මිල දී ගැනීමේ හැකියාවේ සීමාවට පමනි. ඔවුන් හට ලංකාවට වැටෙන වැස්ස වුවත් පාලනය කල හැක. බව භෝග වල පැවැත්ම පාලනය කල හැක, දේශපාලනය පාලනය කල හැක,මේ රට ස්වයංපෝෂිත හෝ සංවර්ධනය කිරීමට හැකි අාණ්ඩුවකට හෝ පාලකයකුට පත් වීටම හෝ පත් වී පැවතීමට ඔවුන් ඉඩ නොතබනු අැත.පැවති හා පවතින පාලනයන් දෙක තට්ටුමාරුවට ඔවුන් අාරක්ෂා කරනු අැත. වත්මන් ජනපති ඝාතනයට නම් ඉන්දියාවට කිසිදු වුවමනාවක් නොවනු අැත
මේ රටේ බුද්ධි අංශයේ තරම හිතාගන්න පුළුවන්... දැන් ඉන්දියාවෙන් තමයි විස්තර ගන්නේ. මේ රටේ බුද්ධි අංශයක් නැද්ද? දැන් හරිනම් වෙන්න ඕනේ මෙහෙ බුද්ධි අංශය රෝ ආයතනය එක්ක එකතුවෙලා හොයාබලන එක නෙමෙයිද? ලංකාවේ ලොක්කන්ටත් රටේ ආයතනය විශ්වාස නැතිකමයි පේන්නේ..
මෝඩි:- මොනවද මලේ මේ එක එක කියන කතා? ... මෙයා:- ගනන්ගන්න එපා ලොකුඅයියේ අවබෝධතාව ඉවරයි. දැන් සංක්‍රාන්ති කාලේ. පොඩි අඩව්වක් පෙන්නුවා කට්ටිය කැරකිලා වැටෙන්න. දැන් නයි වෛරක්කාරයෝ වගේ පරණ හිටපු තැනට හේත්තුවෙන්න පුළුවනි. අයිය කොළ තුනේ සූදුව දැකලා නැතිද?
අපෙ ජනාධිපතිතුමා හොඳ කෙනෙක් වුවත් රටෙහි ජනාධිපති ධූරය දැරිමට නුසුදුස්සකු බව ඔහු විසින්ම පෙන්නුම් කරමින් සිටී. එතුමා විසින්ම නොහැකියාව පෙන්නුම් කරමින් සිටී. ජනතාවගෙ බලාපොරොත්තුව නම් කෙලින් තීරණ ගන්න නායකයකුය. හරි හෝ වැරදි තීරණ සෘජුව නොගැනීම නිසාම මුඵ රටම විඩගං මඩුවක් වී තිබීමයි කණගාටුවයි.
රැස්වීමකදී ගැලරිය පිනවන කතා කියලා මිනිස්සු පිනවන එකේ එතුමා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වලට වැඩිය ලොකුවට සලකනවා.
අපේ ජනාදිපති තුමා වේලාවෙන් වෙලා වලට කියන කතා මම හිතන්නේ නැහැ ඉන්දීය ආණ්ඩුව ගණන් ගනීවි කියලා.
පනින්නට පෙර සිතා බලනු කිවේ කට කහනවට නොවේ. යමක් කියන්න කරන්න කලියෙන් ඒ ගැන දෙපාරක් හිතා බලන්න ඕනා.
ඇති යාන්තම් හින්දි ටිකක් හරි හරි ඉගෙන ගත්තා.
ඔය මේ රටේ මිනිසුන් සහ රට හෑල්ලුවට පත් කරන දුර දක්නා පෙනුමක් නැති , බලය ලබා ගැනීමේ උපාය මාර්ග පමණක් සැලසුම් කරනා ක්‍රියා . ඒ නිසා අපි ජත්‍යාන්තරය හමුවේ හෑල්ලුවට පත්වෙලා ඉවරයි. හේතුව රටට ආදරය නැති බලයට කෑදර සමාජ සේවකයන්ට කතිරය ගසලා ඡන්ද දායකයා හෑල්ලුවට පත්වෙන ගමන්ම ඔවුනුත් පරපුරත් ඔවුන් විසින්ම විනාස කරගෙන ඉවරයි. දැන් අපි විසින්ම අපිව හුරා කන්න කියලා දායක වෙලා ඉවරයි. ආපසු හැරෙන්න හිතන්නවත් බැහැ , ආයෙත් දුවන්නේ ජරාව පස්සෙන්මයි.
මෝදී සිංහල දන්නවා ඇති.
අපරාදේ, ළඟ උන්නනම් අතට අත දෙන්නත් තිබුණ.