පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය වෙත ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එහි අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසිනි.
නියඟයට, ජල ගැලීම්වලට ඔරොත්තු දිය හැකි අන්දමින් වී වගාව සිදු කරන අන්දම මෙන්ම විවිධ උෂ්ණත්වයන් තුළ බීජ රෝපණය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමකට ද ජනාධිපතිවරයා මෙහිදී සවන් දුන්නේ ය.
එමෙන්ම බෝග කළමනාකරණය පිළිබඳ හැදින්වීමක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර මෙම පර්යේෂණායතනයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බිජ වර්ග ද නිරික්ෂණයට ලක් විය.
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මට ජනාධිපති සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් අත්සන් තැබීය.
කෘෂිකර්මාන්තය කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය






COMMENTS
සහෝදර සමාගමට හාල් කොන්ත්‍රාත් එක වැඩකරයි වගේ. ජාතික ඇඳුමට ගොල්ෆ් කැප්එක නොගැලපෙන බව උපදේශකයන්ටවත් පෙනුනේ නැතුවා වගෙයි. පිලිපීනය වගේ රටකින් ඔය හිතන තරම් වාසි බලාපොරොත්තු වෙන්නට බැහැ. මේ රට සවාරිවලට යන මුදල් අපරාදේ වගෙයි පේන්නේ.
පහළම තිබෙන පින්තූරය දැක්ක ගමන් මට හිතුනේ අරයා අල්ලන් ඉන්නේ මීහරකෙකුගේ නාස් ලණුවක් කියලයි. ටිකක් ලංවෙලා බලනකොට එය මීහරකෙක්වත්, නාස් ලණුවක්වත් නොවන බව තේරුණා. සමාවන්න...
ඇගයීමට තරම් මෙතුමා කෘෂිකර්මාන්තය වෙනුවෙන් මොනවද කරලා තියන්නේ? තාම දේශීය ගොවියා අසරණයි.
ඩඩ්ලි මලයා එක්කන් ගියේ නැද්ද?
දශක ගණනාවක් අපේ විද්‍යාඥයින්... මහඉලුප්පල්ලමෙයි, බතලගොඩයි, පර්යේෂණ කරලා වැඩි දියුණු කරපු වී වර්ග ටිකත් නැතිවෙලා යයි වගේ.
හිඟන්නාගේ පාත්තරේ පොලන්න වැටිලා වගේ... ඔය වියදම් කළ මුදලින් කැබිතිගොල්ලෑවේ ළිං කීයක් හාරන්න තිබුණාද?
මේ සහල් පර්යේෂණායතනය ලංකාවට "කොළඹ ක්‍රමය" යටතේ දෙන්න හදනකොට අපේ සිරිමාවෝ මැතිණිය, මේක අධිරාජ්‍යවාදී ආයතනයක් කියලා ලංකාවට එපා කිව්වා. පස්සේ එක පිලිපීනයට හිමිවුණා. සමාජවාදී උණේ ප්‍රතිඵල...
මේ දළඹුවා පිලිපීනයත් වනසන්නද යන්නේ?
මේ චාරිකාවට අපේ ගොවි රාල කෙනෙක් යැව්වනම් වියදමත් අඩුයි, ගොවියන්ට සහ රටට වැඩකුත් වෙනවා.
කොළඹ ක්‍රමය දෙන්න හැදුවේ නිකම්ම නෙමෙයි. විවෘත ආර්ථිකය, රුපියල පා කිරිම ඇතුළු කොන්දේසි ගණනාවක් එක්කල. එව්වට අකමැතිවෙලා විදේශ විනිමය පිටරට යන එක වලක්වන්න ගත පියවර නිසා සහල් පොලු, රෙදි සලාක, ආදී අමාරු තත්ත්වයක් ඇති වුණ. නමුත් සිරිමා එලවල ජේ. අාර්. බලයට ඇවිත් නැවත ඒ කොන්දේසි වලට කැමති වෙලා ආර්ථිකය විවෘත කරලා පටන් ගන්න කොටම ඉන්දියාව යුද්ධයක් හඳුන්වදිලා ලංකාව ඉදිරියට යන එක නැවැත්තුව. එදා ඉන්දියානු සහය ලැබූ වාමාංශික ව්‍යාපාර රට අකර්මන්‍ය කළා. අන්තිමේ ඉන්දියාවට අනුකුලව රට කරවපු නිසා සිරිමා සාමකාමිව එහෙත් ඉන්දියාවේ අතකොළුවක් මෙන් රට කරගෙන ගියා. මේ සැම දෙයකම පසුබිම ඉන්දියානු බුවල්ලයි. අපේම මිනිස්සුන්ට බැනල වයිරය පතුරුවල වැඩක් නැහැ. අදත් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට උතුර වෙන්කර දීම වැනි නොකෙරෙන කොන්දේසි දමමින් අපව අනාත කරනවා. අද ලංකාවට චීනය පසුපස යාමට සිදුව ඇත්තෙත් ඉන්දියාවේ ක්‍රියාකලාපය නිසාමයි. සත්‍යය තේරුම්ගන්න.
මේ වගේ අය... මහඉලුප්පල්ලම පර්යේෂණායතනය දුන්නා බංගලිදේශයට, පැල්වෙහෙර දුන්නා සීඅයිසී එකට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති සියලුම ගබඩා ටිකයි ගොවිපොළවල් ටිකයි පර්යේෂණායතනයි විකුණගෙන කාපු අය දැන් මෙහෙමද පර්යේෂණ කරන්න හදන්නේ?..
ඇති, ඇති, දැන් ඔය චාරිකා ගියා, ණය හම්බවුණානම්, ණයට ගත්ත සල්ලි ඉවර වෙනකල් චාරිකා කරන්නේ නැතුව අපහු එන්න. නෝනා අරහේ කෙහෙල් කොළ කපාගෙන බලන් ඉන්නවා බත් මුල බඳින්න.
ජිල්බෝලයි, කිරිහොදියි වගේ. ගැලපීමක් නැහැ. ජාතික ඇඳුමට ගැලපෙන තොප්පියක් දාගන්න නොදී වෙන්න ඇති. ජනාධිපති විපක්ෂයේ මන්ත්‍රීලා එක්ක සංචාරයේ යන එකම රට ලංකාව වෙන්න ඇති. මරු රාජ්‍යතාන්ත්‍රිකයෝ ටිකක් ගෙනිහින්... යකෝ මේ රවුම් ගහන්නේ රටේ සල්ලිවලින්.
මල්ලිට අරන්දෙන්න වෙන්න ඇති බලන්නේ