IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජනපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම 7 වැනිදායින් අවසන්

(රංජන් කස්තුරි)

රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදා අවසන් කෙරෙන බව එම කොමිසම සඳහන් කරයි.

මේ වන විට එම කොමිෂන් සභාවට පැමිණිලි 295ක් පමණ ලැබී තිබෙන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පැමිණිලි අතර සීමාසහිත ඕෂන්වීව් ඩිවලොප්මන් සමාගමේ සභාපති කළමණාකාර අධ්‍යක්ෂකවරයාට එරෙහිව ලැබී ඇති බරපතල චෝදනා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ දූෂණ , මහරගම පිළිකා රෝහලට ඖෂධ වර්ග දෙකක් ගෙන්වීමේදී  රුපියල් කෝටි 380 ක වංචාවක් සිදුව ඇතැයි කියන සිද්ධියට අදාල පැමිණිලි තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.

2015 ජනාවාරි මස 15 වැනි දින සිටි 2018 දෙසැම්බර් මස 31 වැනිදින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබැලීමට එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.



අදහස් (4)

ජනපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම 7 වැනිදායින් අවසන්

Chanak Los angeles Sunday, 03 March 2019 04:09 PM

කෝට්ටේගොඩ, සෝමදාස සහ හෙට්ටිහැන්දි ඇතුළු පිරිස පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙන්නේ රාජීව් නාගනාදන් විසින් සිය පියාට කතා කොට තිබෙන ඩයලොග් දුරකතන අංකයේ දත්ත විශ්ලේෂණය කිරීමේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනු කොට තිබෙන වාර්තාවන්ට අනුව එම දුරකතන අංකයේ සෑබෑ හිමිකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට එම පුද්ගලයා පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති ඇති අතර අපරාධ පරික්ෂකවරුන් සැකකරනුනේ එම පුද්ගලයාවද යම් පිරිසක් විසින් ඝාතනය කරන්නට ඇති බව ය. කෙසේ නමුත් අධිකරණ නියෝග මත දුරකතන දත්ත ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදීම අදාළ ආයතනයෙන් ඉල්ලා සිටියද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම් මත එම දත්ත ලබා දීම ඩයලොග් ආයතනය පමා කළ බව ද සීඅයිඩීය අධිකරණය හමුවට කරුණු සැළකර තිබේ. මෙය දුෂිතයන්ට සුදුහුණුගාන පුද්ගලයින්ගේ දැනගැනීම පිණිසයි.. පුද්ගලයන් 11 දෙනා අතුරුදන් කිරීමේ නාවික හමුදාවේ ඝාතන මෙහෙයුම..

:       0       224

Sriyal Sunday, 03 March 2019 04:55 PM

වෙනත් කොමිසන් වගේ සුදු අලියෙක් වෙයිද?

:       0       0

Chanak Los angeles Sunday, 03 March 2019 07:25 PM

රටේ සිදුවී ඇති අනෙකුත් අපරාධ විභාග නඩු අවසන් නොකරම හමස් පෙට්ටියට ඔබලා තවත් කොමිසන් තියලා පැමිණිලි භාරගන්න යනවා. මෙහෙමත් ප්‍රෝඩාකාරී දේශපාලකයෝ.

:       0       147

Sumith Tuesday, 05 March 2019 05:20 AM

ජනතාවට ඕවා වැඩක් නැහැ. ගමේ පාරේ අලි නාවන වලවල් ටික වහන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 392 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2172 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1649 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site